Tag: news paper

  • මංගල කිවු 18 ගැන මහින්දගේ පිළිතුර

    මංගල කිවු 18 ගැන මහින්දගේ පිළිතුර

    රාජපක්ෂ පවුල සතුව ඩොලර් බිලියන 18ක වත්කම් ඇතැයි හෙළි වී ඇති බවට විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ මාධ්‍ය සදහා නිකුත්කල සම්පුර්ණ නිවේදනයයි. මටත්, මාගේ බිරිඳටත් පුතුන්ට හා සහෝදරයන්ටත් අමෙරිකානු ඩොලර් බිලියන 18ක වත්කම් විදේශීය බැංකු ගිනුම් හා සමාගම්වල ආයෝජන හැටියට තිබෙන…

  • අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගනිමු.. ජනපති පවසයි

    අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගනිමු.. ජනපති පවසයි

    සියලුදෙනා එක්ව රටේ අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා පවසයි. රට ගොඩනැගීමේ කාර්යයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ හා අනෙකුත් පක්ෂ වල සහය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. “මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය“ විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

  • මහ නගර සභා දෙකක ලොක්කන්ට අපලයි

    මහ නගර සභා දෙකක ලොක්කන්ට අපලයි

    ගාල්ල මහ නගර සභාවේ සභාපති  මෙත්සිරි  ද සිල්වා මහතා තනතුරෙන් ඉවත් කිරිමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් දකුණු පළාත් බද මහාධිකරණය නිකුත් කර තිබු තහනම ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ  ඒ අනුව මෙත්සිරි ද සිල්වා මහතා අදාළ තනතුරෙන් ඉවත් කිරීමට තමා…

  • ගෙවලා නැ.. ජොනි යලි ඇතුලට; මම ගෙවලා තියෙන්නේ.. මේක දේශපාලන පලිගැනිමක්.

    ගෙවලා නැ.. ජොනි යලි ඇතුලට; මම ගෙවලා තියෙන්නේ.. මේක දේශපාලන පලිගැනිමක්.

    හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා  එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අද කුරුණෑගල  මහේස්ත්‍රාත්වරා වෙත ඒ මහතා  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබා දී තිබේ. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ දිනයේදී පැය 5ට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

  • මහින්ද – මෛත්‍රි අද එකට

    මහින්ද – මෛත්‍රි අද එකට

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද සවස 1.30 ට (6 වැනිදා) පැවැත්වීමට නියමිත හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් තිදෙනා බැගින් නියෝජිතයන් ඊයේ (5 දා) නම්කර ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ජාතික…

  • විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

    විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

    විල්පත්තුව ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කරමින් කරගෙන යනු ලබන මුස්ලිම් ජනයා පදිංචිකරවිමේ ව්‍යාපෘතිය වර්තමාන රජය යටතේත් සාර්ථකව කරගෙන යාමට වත්මන් රජයට එක්වු,එහි ජාතික විධායක සභාවේ සමාජික රිෂාඩ් බඩියුදීන් අමාත්‍යවරයා සමත්ව ඇති බවට පාරිසරවේදින් හා සංවිධාන චෝදනා කරනවා. කිසිදු පරිසර ඇගයිම් ක්‍රමවේදයක් හෝ ජනයා පදිංචි කිරිමේ නිතීයක් අනුව නොයමින් ආමාත්‍යවරයා පසුගිය රජය යටතේ මුස්ලිම්…

  • ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

    ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වු උත්සවයකට ගිනි අවියක් සමග පැමිණ සිටි බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය  25  වන දින අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට මෙම කෝප්‍රල්වරයා ගිනි අවියක් ද රැගෙන පැමිණ සිට ඇති බව සඳහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(02)  රාත්‍රී එම හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.…

  • එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

    එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

    අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන්  ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාව තුළ  බලය ඛෙදීමේ ක්‍රියාවලිය කාලීන  අවශ්‍යතාවයක් පවතින බවත්, එම ක්‍රියාවලියට අවශ්‍ය සහය අමෙරිකාව විසින් ලබාදෙන බවත් ඒ මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. මේ…

  • සෝමවංශ ඇරඹු උපවාසය.

    සෝමවංශ ඇරඹු උපවාසය.

    ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය පිළිබද පරීක්‍ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණද ඒවා මන්දගාමී වි ඇති බවයි සෝමවංශ අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ. තවද ජනාධිපති…

  • මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

    මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

    ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ප්‍රධාන මැයි රැළි සංඛ්‍යාව 17 ක්. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මැයි දිනය තේමා කරගනිමින් රැළි සංවිධාන කර තිබෙනවා.…