Tag: featured
-
සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
—
සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී…
-
දුම්රිය වර්ජනය: රට පුරා දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව
—
කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ. අපි සමග අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථානවල ආරක්ෂාවට අමතරව දුම්රිය නියාමන මැදියරියට ද හමුදා ආරක්ෂාව යොදවා ඇති බව ය. මහ ජනතාවගේ…
-
දුම්රිය වර්ජනය ජීවිතයක් බිලිගනී
—
දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මොහු රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මතට නැඟ තිබේ. ඒ අනුව…
-
චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු
—
චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මීට පෙර එම නාළිකාව විසින් ශ්‍රී…
-
හෙට කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්: පළාත් තුනකට තද වැඩි
—
දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (02) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.…
-
ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි
—
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
-
පෙට්‍රල් 13 කින් – ඩීසල් 35 කින් – සියලු ඉන්ධන මිල ඉහළට
—
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මෙවර සෑම ඉන්ධන වර්ගයක ම මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 13 කින්. එහි නව මිල රුපියල් 361 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති…
-
පෑවිල්ල දිගට ම තිබුණොත් ජල විදුලිය තව සති 4යි
—
පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව යි. සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් මාවුස්සාකැලේ…
-
බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි
—
දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය. පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව අද (25) උදැසන සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ. පසුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී…
-
පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට
—
පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවය. “පහුගිය අවුරුදු 3 අයිස් භාවිතයේ වැඩිවීමක් ලංකාව තුළ තිබුණත් දැන් මේ මාස 6 ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලුදෙනාම පිළිඅරන්…