Tag: featured

  • ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.

    ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා. අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි වාර්තා වන්නේ. දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඔවුන් වෙත වාර්තා වී ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවේ රැදී සිටින දිනවලදී ශී‍්‍ර ලංකාවට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීමට එරට ඇතැම් කණ්ඩායම් සැලසුම්…

  • නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.

    නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.

    හම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස සියලුමමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ විරෝධතාවයට සහය දැක්වීම සඳහා සියලු කොටස් වලට එක්වන ලෙසයි.

  • කොස්ගම බස් අනතුරක්,අයෙක් මරුට,රියදුරු පැන යයි. (VIDEO)

    කොස්ගම බස් අනතුරක්,අයෙක් මරුට,රියදුරු පැන යයි. (VIDEO)

    https://youtu.be/mnL_AQzsRik අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හදිසි අනතුරක් නිසා කොස්ගම නගරයෙන් අවහිර වී තිබේ. අවිස්සාවේල්ල සිට පැමිණි බස් රථයක් කොස්ගම නගරයේ නිවසක් හා වෙළද ආයතනයක් තුලට කඩා වැදිමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අදාල බස් රියදුරු දුරකතනය භාවිත කරමින් පැමිණි බවයි.එසෙම අදාල නිවස අසල වංගුව ගැනීමේදි රියදුරු අසුන…

  • මහින්දට එරෙහිව නඩු.

    මහින්දට එරෙහිව නඩු.

    ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ දී අද (22) කැඳවනු ලැබුවා. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී කුළියට ලබාගත් බස්රථ සඳහා ගාස්තු නොගෙවා ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 14 කට ආසන්න පාඩුවක් සිදු කළ බවටයි මහින්ද රාජපක්ෂ මහතාට මෙම නඩුව පවරා ඇත්තේ. කෙසේ වෙතත් මෙහි සංශෝධිත…

  • අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.

    අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.

    ජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවුෆික් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් විසින් ඉදිරිපත් කෙරුණු ඇප අයදුමක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංගන කලංසූරිය අද (22) ප‍්‍රතික්ෂේප කළා. මෙම ඇප අයදුම ඉදිරිපත් කරමින් අබ්දුල් රාසික්ගේ නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයා අදාළ ප‍්‍රකාශ සිදු කර ඇත්තේ අදහස්…

  • පොඩි කාර් මිල යලිත් නගී.

    පොඩි කාර් මිල යලිත් නගී.

    එන්ජින් ධාරිතාව 1000 අඩු කුඩා මෝටර් රථ මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.එන්ජින් ධාරිතාව 1800cc – 2000cc කාණ්ඩයේ වාහන එම එන්ජින් ධෘරිතාවයද ඇතුළුව පවතින සියලු මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂ 9කින් ඉහළ යන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ.හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් වාහන සඳහා එම වැඩිවීම බලපාන්නේ නැහැ. කුඩා වෑන්රථ ගණයට…

  • පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..

    පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..

    පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිඛෙනවා. එමෙන්ම හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවුණා. ශ්‍රී…

  • බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව

    බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව

    ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහාය ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට බදු අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි. 2017 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර…

  • අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.

    අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.

    අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා. බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන 10.00ට පමණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවමංගල්‍ය පෙරහැරට එක්වුණා.

  • පොලිසිය යාපනයේදි කපයි.

    පොලිසිය යාපනයේදි කපයි.

    යාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය. මෙලෙස තුවාල ලබා ඇත්තේ චුන්නාකම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ…