Tag: featured
-
වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට
—
in Local Newsදිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 5කට…
-
මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි
—
in Local Newsමෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 9.50ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තාවේ. මෙරට විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ , නිරතව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක්…
-
විමල්ට එරෙහි නඩුවට දින
—
in Local Newsඅමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය. එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය. එදින…
-
ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්
—
in Local Newsපැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. වාර්තාකරු පැවසුවේ මෙම එක් මළ සිරුරක ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සහ අනෙක් සිරුරේ හිස ප්‍රදේශයේ තුවාල තිබේන බවය. මෙය…
-
පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි
—
in Local Newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ. පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දීමට නියමිත බවය. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා පොලීසිය විසින් සොයමින් සිටියේය.
-
වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට වැසෙයි
—
in Local Newsවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ. අද උදෑසන මෙම රැඳවියා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි. මෙම පුද්ගලයා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි. මෙම ආසාදිතයා…
-
පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට වෙඩි
—
in Local Newsඅනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ. අදාළ ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් නොච්චියාගම සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයකට නැවැත්වීමට සංඥා කර තිබුණි. එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී පොලීසිය විසින් ත්‍රීරෝද…
-
රවී ඇතුළු හයකට අතුරු තහනමක්
—
in Local News2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්, ශිරාන් ගුණරත්න…
-
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි
—
in Local Newsහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.
-
නාවික හමුදාපති දක්ෂයෙක්,ජනතාව-හමුදාව බිදවන්න දිපූ අණක්.මහින්ද කියයි.
—
in Local Newsහම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැක පළ කරනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ අද (15) පැවැත්වෙන වැඩමුළුවකදී ඔහු මේ බව කියාසිටියා. මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ පළාත් පාලන මහජන නියෝජිතයන් වෙනුවෙන්. එහිදී වැඩි දුරටත්…