Tag: featured

  • ඩොලරය රුපියල් 300 ට ලං වෙයි

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට 300 යේ සීමාවට ලංවී තිබෙනවා. ඒ, ඩොලරයේ අගය අද රුපියල් 295 ක් දක්වා ඉහළ යාමත් සමඟයි.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 295 ක් ලෙස දක්වා තිබුණා. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ විකුණුම් අගය ලෙස අද දක්වා ඇත්තේ රුපියල්…

  • සහල්, පිටි, සීනි, ඉන්දියාවෙන් වැඩිපුර ගේන්න තීරණයක්

    ඉදිරියේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඒවා රැගෙන ඒමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ, ඉන්දීය ණය පහසුකම යටතේ අලුතින් ගෙන ඇති තීරණය හේතුවෙන්.  ඒ අනුව ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ට වෙළඳ අමාත්‍යංශයේ ලියාපදිංචි වන ලෙසටයි දන්වා ඇත්තේ. එහිදී තිරිඟු පිටි, සීනි, සහල්, ලූණු සහ වියළි මිරිස් වැනි පාරිභෝජන ද්‍රව්‍ය වැඩි…

  • බලය දෙන්නේ නම් උද්ඝෝෂකයින් මෙල්ල කිරීමට සූදානම් – පොලිස් ඇමති කියයි

    අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. තමන් එලෙස ක්‍රියා කරන්නේ මහජන උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම් හේතුවෙන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…

  • ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවෙනුත් ණයක් ඉල්ලයි

    අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක් ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලා තිබෙනවා.  වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ණය මාර්ග ක්‍රමය යටතේ පරිප්පු, කිරිපිටි ඇතුළු ආහාර වර්ග කිහිපයක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.  ශ්‍රී ලංකාව මීට පෙර ණය මාර්ග ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ද…

  • ආර්ථීක අර්බුදයට විසඳුම් සොයන සර්ව පාක්ෂික සමුළුව අද

    රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්.  කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක්…

  • සිපෙට්කෝ පිරවුම් හල් සඳහා යුද හමුදාව යොදවයි

    සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා අද දිනයේ සිට යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටිනවා. සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් විසින් අධීක්ෂණය…

  • අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ?

    එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් අවම කර ගැනීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි. අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යන ජනතාව වගකීම පෙරදැරිව සිය කටයුතු…

  • ඉන්ධන පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

    නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර අනතුරුව ආරවුල ඇතිකර ගත් යතුරුපැදිකරු ද ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුරු පලාගොස්…

  • වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ

    ඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල අනුමතවී ඇති නිසා ඉන් අදාල භාණ්ඩ වල මුදල් ඉදිරියේදී පියවීම මත මෙම භාණ්ඩ නිදහස් කරන ලෙසද උපදෙස් දී තිබේ.

  • සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්

    නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා.  අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා වසන්ත උදානය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවනවිට…