Tag: featured
-
ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණය දෙසතියකින් පසු – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
—
in Local Newsඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් පාර්ශව ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා.
-
කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගෙන් ජනපතිට ලිපියක්
—
in Local Newsනිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම, විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
-
අරගලයට ශක්තියක් වෙන්න මෙවර මැයි දින සැමරුම්වල වෙනසක්
—
in Local Newsරට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. මෙරට තරුණ පරපුර ආරම්භ කර ඇති අරගලයට ශක්තියක් ගොඩනැගීමට වෘත්තිය සමිතිවලට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
-
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි
—
in Local Newsකොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, පොලීිසියේ පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි. විරෝධතාකරුවන් පැවසුවේ විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් නතර කර ඇති බස් රථ සහ ලොරි රථ ඉවත් කර ගැනීමට පොලීසිය මෙලෙස පැමිණ තිබූ බවයි. කෙසේවෙතත් මෙම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැයි තමන් නොදන්නා බව මීට පෙර…
-
සමස්ත මහ වර්ජනය අද
—
in Local Newsමෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ. ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය…
-
පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති
—
in Local Newsමීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවා යැයි ද එහිදී යාච්ඤාවකට එක්වෙමින් සඳහන් කළහ. උන්වහන්සේ මේ…
-
ඉන්ධන මිල වැඩි කිරීම ගැන පැතිරෙන රාවයේ ඇත්ත නැත්ත
—
in Local Newsඉන්ධන පිරවුම්හල් රැසක ඊයේ රාත්‍රියේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙන්. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාමක් සම්බන්ධයෙන් පළව තිබූ එම වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ රාත්‍රියේම ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ යලිත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු තීරණයක්…
-
වෙඩි තියන්න අණදුන් බව කෑගල්ල පොලිස් ප්‍රධානියා පිළිගනී
—
in Local Newsරඹුක්කන ඇතිවූ නොසන්සුන්තාව මැඩ පැවැත්වීමේදී අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ සාක්ෂි දෙමින්. එහිදී ඔහු පවසා ඇත්තේ රඹුක්කන සිදුවු සිද්ධිය මැඩ පැවැත්වීම සදහා විශාල පරිශ්‍රමයක් දැරුවද එය අපහසුවීම හා මහජන ජිවිත බේරා ගැනිම සදහාත්,…
-
කැබිනට් ඇමතිවරුන් 17 දෙනෙකු දිවුරුම් දෙයි
—
in Local Newsනව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයී. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17ක්. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයයි. දිනේෂ් ගුණවර්ධන මීට පෙර කටයුතු කලේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අධ්‍යාපන…
-
තවත් රාජපක්ෂවරයෙක් තනතුරු අත්හරී
—
in Local Newsකෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්ෂ මීට පෙර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන උසස් තාක්ෂණ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව පුරප්පාඩු වූ එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ…