Tag: featured

  • ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    පසුගිය 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  එලෙස අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බවයි වාර්තා වන්නේ. මීට පෙරද මොරටුව නගර සභාවේ සේවකයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා. …

  • පාර්ලිමේන්තුවට වැඩි බලතල දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව ජනපති කියයි

    රටේ දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා තමන් සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමග එක්ව කටයුතු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ මේ තිබෙන තත්ත්වය පාලනය කිරීමට, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න වගේම දැනට ඇන හිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යෑමට නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කියා…

  • ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ

    මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. එලෙස ඉදිරිපත් කරනු ලබන ඇඳිරි නීතිය නැවතත් පස්වරු 02.00ට යලි පැනවෙන අතර පසුදින )13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

  • වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – අනුර,ජනපති යන්නේ නම් තමන් සුදානම් – සජිත්

    සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා දෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ. මේ අතර අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

  • කොළඹ පොලිස් බල ප්‍රදේශ 03කට ඇඳිරි නීතිය පැනවේ

    කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.

  • අගමැති අද ඉවත් නොවුනොත් ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.  සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී ඒ වෙනුවට හිටපු කථානායක කරූ…

  • ජනපති අගමැතිට අස්වෙන්න කියයි

    රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා.  වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ. ඊයේ පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී…

  • මුදල් අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය පදවියක්

    බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය අලී සබ්රි පත් කළ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  මෙම අමාත්‍ය ධුරයට අමතරව අලී සබ්රි මහතා මුදල් සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබේ.

  • අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද

    පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. 

  • ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව

    මෙරටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට කටයුතු කරනු ලැබුවා.