Tag: featured

  • පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි

    යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අදාළ පොහොර තොගය මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.  වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසදුම් පිළිබඳ ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති…

  • මත්පැන් මිල ගණන් ඉහළ දැමේ

    අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.  එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

  • ආයිෂා දැරියගේ ඝාතකයා අත්අඩංගුවට

    බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා. ඝාතනයට ලක්වූ දැරිය වෙළෙදසැලට ගොස් නැවත සිය නිවස බලා එමින් සිටියදී මෙම සැකකරු විසින් ඇයව කැඳවා ගෙන ගොස් ඇති බවයි මේ වන විට ලැබී ඇති තොරතුරු…

  • අද සිට වැසි වැඩිවෙයි

    පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි…

  • රජයේ සේවක වැටුප් වැඩිවන්නේ නැහැලු

    මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා. ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර  සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

  • විමල් වීරවංශගේ බිරිඳට සිර දඩුවම්

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වැදිකරුවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂයක මුදල් දඩයක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළේය.

  • ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක්

    අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක් සිදුවනවා. ඒ, පෙරවරු 08 සිට පස්වරු 04 දක්වායි. ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම අද පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි…

  • රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් දැනුම් දීමක්

    රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.  පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණා.  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන…

  • ගාලුමුවදොර අරගලය ගැන බුද්ධි වාර්තාවක් පිටවෙයි

    ගාලුමුවදොර අරගල භූමිය තවත් දින දෙකකින් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් සූදානම් වනවා. ඒ, අරගල භූමියට දින පනහක් ගතවීම හේතුවෙන්. ඉන් අනතුරුව එදිනම ඔවුන් පාර්ලිමේන්තුව අභියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත බවට බුද්ධි අංශ අනාවරණ කර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළා.  එහිදී “225 ම ගෙදර යනු” යන තේමාව යටතේ විරෝධතාවයේ නිරත පිරිස නව අරගලයක්…

  • නව මුදල් ඇමති ලෙස අගමැති දිවුරුම් දෙයි

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සුළු මොහෙතෙකට පෙර නව මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම් දී ඇත.විවිධ අමාත්‍යංශයන්හි ඇමැති ධුර දැරුවද ඔහු මුදල් ඇමැති ධුරය බාර ගනුයේ ප‍්‍රථම වතාවටය.