Tag: featured

  • එක්දින සේවයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද සිට වැඩි වෙයි

    එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.  මේ දක්වා එම සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ උපරිමය 2000 ක් දක්වා පමණයි. එහෙත්, අද දිනයේ සිට එම සීමාව 3500 ක් දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ සිට…

  • රාජ්‍ය සේවය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්

    අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.…

  • මුව ආවරණ අනිවාර්ය නොවේ

    රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට සිට පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නැතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.කොවිඩ් රෝගය පැතිරීම පාලනය සඳහා මෙතෙක් මෙම නීතිය ක්‍රියාත්මක විය.

  • විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

    විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ වර්ජනයට සහාය නොදක්වන බව විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය හා ස්වාධීන ඉංජිනේරු සංගමය පවසයි.

  • බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා.  ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.  21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින්…

  • ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට

    ඉදිරි මාස 06 තුලදී ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණවත් අයුරින් රට තුල නොතිබීම නිසා ඉන්ධන නිකුත් කිරීමේදී යම් ප්‍රමුඛතාවයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවල පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සැපයීම සිදුකොට ඒ හරහා රජයේ බස් රථ, පෞද්ගලික බස්…

  • රන්ජන්ට අත්හිටවූ සිරදඩුවම්

    අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කළ අතර එය පස් වසරකට අත්හිටුවා තිබෙනවා.

  • ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙලෙස දිවි හානි කරගෙන තිබේ.මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකි.දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය…

  • අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

    අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය සමාගම සතුව පවතින්නේ එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 පමණක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු පෝලිම්වල රැඳී නොසිටින ලෙසටද ලිට්‍රෝ සමාගම…

  • මන්ත්‍රී පුතු සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන ආරම්භ කර ඇත

    වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන රවිඳු වෙදාරච්චි නමැත්තා තංගල්ල නගර සභාපතිවරයකු ලෙස ද කලක් කටයුතු කළ අයකු බව පොලිසිය පවසයි. වීරකැටිය බැදිගම අධිවේගී…