Tag: featured
-
කුකුළු මස්, බිත්තර සහ මාළු මිලේ වෙනසක්
—
කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් සඳහන් කළේය. ඊට සමගාමීව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති…
-
අද රෑට වෙනස් වෙන ඉන්ධන කෝටාව
—
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා…
-
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක්
—
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසීය. එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව සඳහන් වෙයි.…
-
අබිරහස සොයන්න දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී
—
හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ කටයුතු…
-
විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි
—
ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත. මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට…
-
රියදුරුට නින්ද ගිය ජීප් රථය සිසුවියක් ව බිලි ගනී
—
බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිදුවියක් අද (20) අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණි. ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙනි. අනතුරෙන් අදාළ සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (20) උදෑසන එම අනතුර සිදුවී තිබුණේ කුරුණෑගල, උහුමීය, ඩී.එස්. සේනානායක විදුහල ඉදිරිපිටදීය. එම අනතුරෙන් මියගොස් ඇත්තේ, ඩී.එස්.…
-
බිත්තර ආනයනය තවත් ඉහළට
—
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති…
-
මුදලිගේ ඇතුළු පිරිස අද අධිකරණයට
—
අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය පවසන්නේ යුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට…
-
සැමරුමක් නිසා කොළඹ උණුසුම් තත්ත්වයක්
—
දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙයි. යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවුණි. සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි. එම ස්ථානයට…
-
ධනුෂ්කට එරෙහි චෝදනා කිහිපයක් ඉවත්කර ගනී
—
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බවය. 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ…