Tag: aliens

  • තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.

    තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.

    තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව සදහන්. මේ වනවිට දුම්රිය මාර්ගය අවහිර කළ පිරිස එම ස්ථානයෙන් ඉවත් වී ඇතැයි ද වාර්තා වනවා. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ…

  • ගෝඨාභය ලග හිටියේ නිත්‍යානුකුල අලි: ඇමති වසන්ත කියයි.

    ගෝඨාභය ලග හිටියේ නිත්‍යානුකුල අලි: ඇමති වසන්ත කියයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී තිබෙනවා. වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා  මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් එක් අලි පැටවෙකු නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කර ඇති බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලීන් දෙදෙනෙක් සිටියා. එතුමාගේ භාරයේ. සත්තු වත්තට…

  • අඩුවු බස් ගාස්තු අද සිට.

    අඩුවු බස් ගාස්තු අද සිට.

    ඉන්ධන මිල අඩු කිරිමත් සමග අඩු කෙරුණු බස් ගාස්තු අද සිට ක‍්‍රියාත්මක වනවා. අද සිට බස් ගාස්තු සියයට 8කින් අඩු කිරිමටයි ප‍්‍රවාහන බලධාරීන් සහ බස් රථ සංගම් ඉකුත් දා පැවති සාකච්ඡාවක දී එකඟතාව පළකළේ. ඒ අනුව රුපියල් 09ක්ව පැවති අවම ගාස්තුව අද සිට රුපියල් 08 දක්වා අඩු කෙරෙනවා. රුපියල් 13 ගාස්තුව අඩු වන්නේ රුපියල් 12…

  • යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි‍්‍රතාන්‍යයෙන් සහතිකයක්.

    යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි‍්‍රතාන්‍යයෙන් සහතිකයක්.

    ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප‍්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසනවා. ඒ මහතා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සිය තුන්දින නිල සංචාරය නිමා කරමින් විදෙස් මාධ්‍යවේදීන්ට කළ කරුණු දැක්වීමකදීයි. අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා සිය සංචාරයේදී…

  • පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් දිවයිනට.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් දිවයිනට.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් විසින්. තෙදින නිල සංචාරයක් සඳහා ඔහු අද දිනයේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

  • පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.

    පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.

    කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ. ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය අත්හැරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සිය ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම හේතුවෙනි. ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ආරම්භ කිරීමට…

  • වත්තල සන්ධාන සභාපතිට පහරදිම / මහමැතිවරණ සමය ඛේදවාචකයක් වන ලකුණු.

    වත්තල සන්ධාන සභාපතිට පහරදිම / මහමැතිවරණ සමය ඛේදවාචකයක් වන ලකුණු.

    වත්තල ප‍්‍රාදේශිය සභාවේ ඊයේ දහවල් ඇතිවු පහරදිමෙන් පසු එහි සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කලා.ඔවුන් ප්‍රතිකාර සදහා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබුනා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිළිගැනීමේ උත්සවයක් වත්තල ප‍්‍රාදේශිය සභාව ඉදිරිපිට පැවැත්වුණා. අමාත්‍යවරයා පිටව ගිය පසු සභා රැස්වීම ආරම්භ වී…

  • රවී වංචා නඩුව කල්දා ගනී

    රවී වංචා නඩුව කල්දා ගනී

    ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ ඊයේ…

  • L:T:T:E සිරකරුවන් නඩු නැතුව නිදහස්.

    වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග එකඟ වූ බව මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පැවසූහ. පසුගියදා 25 වැනිදා කොළඹදී ජනාධිපතිවරයා හමුවූ රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ, 26 වැනිදා අදාළ දෙමළ දේශපාලන සිරුකරුවන් බැලීමට පැමිණියහ. එසේ‍ ගොස් යළි මන්නාරමට පැමිණීමෙන්…

  • අතුරු අය වැය අද

    අතුරු අය වැය අද

    භාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙනවා. මෛත්‍රී පාලනයක් යටතේ බිහි වූ නව රජය ජනතාවට සහන ලබාදීමේ අරමුණින් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මේ…