Tag: aliens

  • ඕමන්ත මුරපොළ අත්හරි.

    ඕමන්ත මුරපොළ අත්හරි.

    වවුනියාව – ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ කටයුතු නතර කොට තිබේ. මේ සමඟම උතුර සහ දකුණ අතර පරික්ෂාවකින් තොරව ගමන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත. 2002 මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම ඕමන්ත සීමා මුරපළ හරහා ගමන් කළ සෑම වාහනයක්‌ම හා පුද්ගලයකුම ලියාපදිංචි වීම මෙතෙක්‌ අනිවාර්ය විය. එමෙන්ම මුරපළ…

  • නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවෙයි.

    නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවෙයි.

    සිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා.  ශ‍්‍රී ලංකාවේ සෛවරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම ඇතුළු මූලික ප‍්‍රතිපත්ති 07ක් මත සිය ව්‍යාපාරය මෙහෙයවන බවයි එම සංවිධානය පවසන්නේ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේශපාලන පක්‍ෂයක් ලෙස ක‍්‍රියාත්මක වන…

  • ඇත්ත සොයා තිස්ස අල්ලයි.

    ඇත්ත සොයා තිස්ස අල්ලයි.

    හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා ‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී මූලික පරීක්ෂණ…

  • අගවිනිසුරු ගැන විවාදය අදයි

    අගවිනිසුරු ගැන විවාදය අදයි

    මොහාන් පීරිස් මහතා පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව විශේෂ දිනයක් ලෙස අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිම සහ හිටපු අගවිනිසුරු ශිරාන් බණ්ඩාරනායක මහත්මිය යළිත් එම තතතුරට පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින ලදී. ඒ ශිරානි…

  • අර්ජුන කොටසක් ගත්තැයි ෆයිසර් අස්වෙයි.

    ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව වාර්තා වනවා.අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බවයි සදහන් වන්නේ. අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට…

  • අලියෙක් ලග සිටි පොඩි අලියෙක් අල්ලයි.

    අලියෙක් ලග සිටි පොඩි අලියෙක් අල්ලයි.

    බස්නාහිර පළාත් සභාවේ  හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ  නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් රැගෙන යනු ලැබීය. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක, එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ – කුලුපන ප‍්‍රදේශයේ නිවසේ සිටියදී ඇත් පැටවෙකු සොයාගෙන තිබේ. එම ස්ථානය…

  • දෙමළ ජාතිකයෙකු අගවිනිසුරු විම සතුටුයි: TNA කියයි.

    දෙමළ ජාතිකයෙකු අගවිනිසුරු විම සතුටුයි: TNA කියයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතා පවසයි. නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී…

  • අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.

    නීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා. ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයාට බලය පැවරෙන බව දක්වා තිබෙන බවත් මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන්ට…

  • ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නිතීමය පියවර:ඇමති පාඨලී

    ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නිතීමය පියවර:ඇමති පාඨලී

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාගේ එම ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා…

  • හෙට සිට බනිස් රුපියලක් අඩුවෙන්.

    හෙට සිට බනිස් රුපියලක් අඩුවෙන්.

      බනිස් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල හෙට (02) සිට රුපියලකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල අවම මිල අඩු කිරීම රුපියලක් වුවත් නිෂ්පාදකයින්ට රුපියල් 5 ක් දක්වා මිල අඩු කළ හැකි බවයි. තිරිඟු පිටිවල මිල…