Tag: aliens

  • ජනපති අද බෝවා සමුළුවට.

    ජනපති අද බෝවා සමුළුවට.

    චීනයේ  සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28)  බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය. ආසියානු කලාපයට අදාළ ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.

  • අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.

    අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.

    මේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික් කාන්තා ගෘහ මූලික සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්න,  පුනරුත්තාපනය වූ තරුණ තරුණියන්ගේ සුභ සාධන කටයුතු සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රජාව හමුවී සාකච්ඡා…

  • ජනපති සොහොයුරු “වැලි රාජූ” දිවියෙන් සමු ගනී.

    ජනපති සොහොයුරු “වැලි රාජූ” දිවියෙන් සමු ගනී.

    පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ. පෙරේදා සවස 7ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා එදිනම කොළඹට රැගෙනවිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ. එහෙත් අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

  • ජනපති සහෝදර වැලි රාජුට ප්‍රහාරයක්;ගුවනින් කොළඹට

    ජනපති සහෝදර වැලි රාජුට ප්‍රහාරයක්;ගුවනින් කොළඹට

    Update:  අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු වැලි රාජු නමින් ප්‍රකට පි‍්‍රයන්ත සිරිසේන මහතාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබේ. පොළොන්නරුව, බැදිවැව, හතරේ ඇළ ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය…

  • රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.

    රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.

    “මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේය. මෙයට අමතරව සන්ධාන පළාත් සභා හා ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ ද සහභාගි වන බව මන්ත්‍රීවරයා…

  • ජනපති චීනයට

    ජනපති චීනයට

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසින් හරසරින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී…

  • අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )

    අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )

     19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එසේම  19 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකපාර්ශවීය එකක් බවත්, මෙය තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව සිදුකළ දෙයක් බවත් …

  • බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්

    බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්

    මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මේවන විට පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව කියන මූල්‍ය…

  • රත්ගම සභාපති මරා දමයි.

    රත්ගම සභාපති මරා දමයි.

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාව හික්කඩුව නගරයේ හෝටලයක් තුළදී ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීමෙන් සභාපතිවරයා සමග සිටි තව ත් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ. ඝාතනයට ලක් වනවිට සභාපතිවරයා 37 හැවිරිදි වියේ පසු විය.තුවාල ලැබූවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

  • උතුරු  ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.

    උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.

      කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩ නංවා ඔවුන් අතර ඇති සැකය, බිය, අවිශ්වාසය නැති කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. උතුරු …