Category: Uncategorized

  • බාල බෙහෙත්වලට එරෙහිව අගෝ. 3 රට පුරා සෞඛ්‍ය වැඩ වර්ජනයක්

    සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙ ම නියෝජනය වන පරිදි අගෝස්තු 3 වන දා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදුවී තිබීම ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමස්ත කඩා වැටීමට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ සඳහන් කළහ. මෙම සංකේත වර්ජනය සමස්ත ශ්‍රී…

  • යාපනෙන් ලන්ඩන් ගිය ස්ටූඩියෝ හිමියා අවුරුදු 11ක් හිරේ

    යාපනයේ දෙමළ තරුණයෙකු ලන්ඩනයේදී චීන තරුණියක අපයෝජනය කිරීමේ වැරැද්දට ලන්ඩනයේ හෙන්ඩන් ක්‍රවුන් අධිකරණය විසින් විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 11ක සිර දඬුවමක් පනවනු ලැබ තිබේ. යාපනයේ සිට වසර හතරකට ඉහතදී ලන්ඩනයට ගොස් සිටින එස්. සයන්තන් නමැති 38 හැවිරිදි මෙම පුද්ගලයා ලන්ඩනයේ බේ‍රාම්ප්ටන් පාරේ ඡායාරූප ශාලාවක් පවත්වා ගෙන යන අතර ඡායාරූපයක් ගැනීමට පැමිණි චීන තරුණියකට ඡායාරූප…

  • තවත් දැරියක් අතුරුදන්

    මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි. දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය…

  • රියදුරන්ගේ හදිසි වර්ජනයකින් දුම්රිය මගීන් අතරමග

    අද (ජූලි 24) උදෑසන සිට ආරම්භ කළ දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක ය. ඒ හේතුවෙන් මේ දක්වා දුම්රිය ගමන් වාර 26ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබේ. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු…

  • චමෝදිගේ අකල් මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් මරුට

    කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවේ මියගිය පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවය. කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචි අජිත් විජේසිංහ පසුගිය 10 වනදා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහිදී ඔහුට…

  • ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

    ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93කි. රටවල් 100ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැලකෙයි. 2019 වසරේදී ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා…

  • තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි

    තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියන් පවසනවා. පසුගිය දා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් නැවත මිල සංශෝධන කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ. ඊයේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා යන සමාගම් පියවර ගත්තා. කෙසේවෙතත් තිරිඟු…

  • පේරාදෙණියේ තරුණියගේ මරණයට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක්

    උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණීය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 21 හැවිරිදි තරුණියගේ සිරුරු කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරය වෙත යොමු කර තිබෙනවා. මෙම තරුණිය ඉකුත් 10 වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඇයට එන්නත් 02 ක් ලබාදී ඇති අතර පසුව හදිසියේ රෝගාතුර වී මියගිය බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහල පැවසුවේ. අදාළ…

  • දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

    මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය. තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන…

  • ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටම

    ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස්…