Category: Uncategorized

  • බඹරුන්ගෙන් බේරීමට දුවමින් සිටි දරුවෙක් ප්‍රපාතයකට ඇද වැටී මියයයි

    බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් සිව් ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිව් දෙනා වයස අවුරුදු 16 පසුවූ ළමයින් පිරිසක් බව ය. ප්‍රපාතයෙන් ඇද වැටී සිටි දරුවා, පොලිසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශ…

  • වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    වෙළෙඳසැල්වලින් මිලදී ගනු ලබන පානීය ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම බෝතල් දැඩි හිරු එළියට නිරාවරණය වීම තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීමේ හැකියාවක් ඇති බවය. පාසල් දරුවන්ට හැකිතාක් නිවසින් පානිය ජලය…

  • පාසල් යමින් සිටි දැරියකට පිහි ප්‍රහාරයක්

    මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත අද (08) උදෑසන යමින් සිටි දැරියකට පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබේ. පසුව එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා ගල් බැඳ හසලක පොලීසියට වෙත භාරදීමට කටයුතු කර ඇත. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබු 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය මේ වනවිට මහියංගන මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දැරියගේ…

  • කඳානේ ගින්නෙන් පාසල් ළමුන් 60ක් රෝහලට

    කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි. කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට…

  • සිව් දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම රිය අනතුර

    තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද(04) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබිණි. අනතුරින් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා සිටි තවත් පුද්ගලයෙකු අද පෙරවරුවේ මියගොස් ඇති බව…

  • ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

  • ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක්…

  • උමාරා සිංහවංශ ට කැඳවීමක්

    ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වේ. උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය…

  • තවත් බිහිසුණු බස් අනතුරක්

    වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය. අනතුරින් බස් රථයේ ගමන්ගත් 15ක් තුවාල ලබා…

  • ප්‍රවීණ හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අද (අගෝ. 1) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය. ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු ද විය.