Category: Uncategorized
-
ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි
—
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.…
-
සුපිරි රථයට යට වුණු පොලිස් නිලධාරියා මරුට
—
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ. අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රිය අනතුර සම්බන්ධයෙන් රථය…
-
කොල්ලුපිටියේ බස් අනතුරින් මගීන් 5 දෙනෙක් මරුට
—
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි මංසංධිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර ඉන් 9 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එම 9 දෙනා අතරින් 5 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි…
-
ගෑස් සමඟ කොත්තු – රයිස් – ප්ලේන්ටි මිල වැඩි වෙයිද ?
—
ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මේ බව පැවසීය. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, රයිස් එකක මිල රුපියල් 50කින්, ඉහළ දැමෙනු ඇත.
-
වැසි තත්ත්වය තවදුරට ත්
—
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
-
ගෑස් මිලත් අද යළි වැඩිවන ලකුණු
—
අද දිනයේ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ, ගෑස් මිල සූත්‍රයට අනුවයි. වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ මෙම මිල සංශෝධනයේදී ගෑස් මිල වැඩිවනු ඇති බවයි. වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම ඊට හේතුව ලෙසටයි වාර්තා වන්නේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි බවයි. මීට පෙර…
-
ලංකාවට ආ ධනුෂ්ක මාධ්‍ය වෙත කී කතාව
—
ඔස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයේදී ලිංගික අපයෝජන චෝදනාවට වරදකරු නොවන බවට තීන්දු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (ඔක්. 3) දින රාත්‍රී දිවයින වෙත පැමිණ තිබේ. ඔහු සමග සුදු ජාතික තරුණියක සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ ඇත. ඔවුන් ඊයේ රාත්‍රී 10.55ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූඑල්- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…
-
ජර්මන් මාධ්‍යවේදීයාට ජනපති රනිල්ගෙන් සැර උත්තරයක්
—
ශ්‍රී ලංකාව කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිය ජර්මානු සංචාරය අතරතුර එරට මාධ්‍ය ආයතනයක් වන ඩොයිෂෙ වෙල්ලෙ (DW) සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, පාස්කු ප්රකහාරය සම්බන්ධයෙන් චැනල් 4 නැගූ චෝදනා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ජනාධිපතිවරයා නොරිස්සුම්සහගත අයුරින් සහ දැඩි ස්වරයකින්, “ශ්‍රී…
-
ඩීසල් නෞකා තොග 4ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය: සිංගප්පූරු ආයතනයක් ඒ සඳහා
—
ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි. ඒ සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව සඳහන්. ඒ අනුව ලංසු පහක් ඉදිරිපත් වී තිබුණා. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර…
-
ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්
—
ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි. කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය. “අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල්…