Category: Uncategorized
-
විදුලි බිල ගැන විශේෂ තීරණයක්
—
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය. ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන්…
-
ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !
—
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ…
-
දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු
—
දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවය. මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත දැනුම් දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය…
-
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමයි
—
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් ලෙස සංශෝධනය කෙරෙන බව ය. එමෙන් ම, මීට පෙර රුපියල් 10,000ට පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප…
-
රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්
—
මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා කියා සිටියේ. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම…
-
ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
—
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ…
-
රටවල් 7කට Free visa
—
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර…
-
විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා
—
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි ගාස්තු…
-
බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්
—
ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ (20) සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකළ ද මේ වන විට අධික පිරිවැය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන්…
-
විදුලි ගාස්තු යළිත් ඉහළට; බිල වැඩි වෙන්නේ මෙහෙමයි
—
අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ. ඒකක 0 – 30 – රු.150 සිට රු. 180 ඒකක 31 – 60 – රු. 300…