Category: Uncategorized
-
නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ගැන අධිකරණය දුන් නියෝගය
—
නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (ජූනි 7) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. මේ අතර, ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන්…
-
මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනෙති
—
මංකි පොක්ස් හෙවත් වදුරු උණ රෝගය වැළදුණු පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඩුබායි හි සිට පැමිණි කාන්තාවක් සහ ඇයගේ දියණියට මංකි පොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේදී සිදු කල පරීක්ෂාවකදීයි. ඒ අනුව ඔවුන් දෙදෙනා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබෙනවා. එම රෝගීන් දෙදෙනාගේ පවුලේ තවත් සාමාජිකයෙකුද…
-
ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි
—
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඊට අදාළ තීන්දුව අද (ජූනි 6) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන…
-
බෙහෙත් මිල සියයට 16කින් පහළට
—
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඊයේ සඳහන් කර තිබිණි. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජූනි 15 වන දා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් කඩිනමින් ඖෂධ…
-
ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම්දීමක්
—
2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුය. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු…
-
පානදුර ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට
—
පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවය. පානදුර වෑකඩ ප්‍රදේශයේදී 31 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.…
-
ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්
—
ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.
-
ජනපති අද ජාතිය අමතයි
—
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූනි 1) රාත්‍රි 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය. රජය පසුගිය මාස නවයක කාලය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කරනු ඇතැයි ද…
-
යුරියා මිල අඩුකෙරේ
—
යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව ඔහු පැවසීය.
-
ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය
—
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ…