Category: Uncategorized
-
ටයිටන් ගැන සංවේදී ආරංචියක්
—
අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය. කැනේඩියානු…
-
බොර තෙල් මිල අඩුවෙයි
—
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවය. ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩිවිය. නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට…
-
ලොතරැයි මිලත් ඉහළ ට
—
ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තාවෙයි. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා පැවසුවේ කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන…
-
විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
—
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම…
-
විදුහල්පතිගෙන් පහර කෑ 04 වසරේ දරුවා රෝහලේ
—
මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත. ඉකුත් 15 වනදා අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි. සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව අනාවරණය වෙයි.…
-
සාමාන්‍ය පෙළ ගැන ජනපතිගෙන් තීරණයක්
—
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා…
-
මුල්ලේරියාව දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්
—
මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා දරුවාගේ මළසිරුර පසුගිය 08 වනදා සවස මුල්ලේරියාව පොලීසිය සොයාගත්තේය. හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර මෙලෙස හමුවූ…
-
දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි
—
දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය. කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා වසා තිබියදී ඒ හරහා අනතුරුදායක ලෙස මෙම පෞද්ගලික බස් රථය ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික බසයේ රියදුරා ලබන 20…
-
ඩොලරය ගණන් උස්සයි
—
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00 මහජන බැංකුව…
-
සිසුවියගේ ‘ගණිත පේපරේට’ වට්ස්ඇප් මගින් ගුරාගෙන් පිළිතුරු
—
බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පෙරේදා (ජූනි 6) පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයක් මගින් ඡායාරූපගත කොට ගුරුවරයෙකුට අයත් වට්ස්ඇප් යෙදුම මගින් යොමු කර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්ෂිකාවක විභාගශාලා නිරීක්ෂණය කරන ගුරුවරයකුට හසුවී ඇත. මෙම අපේක්ෂිකාව දෙවන වර සාමාන්‍ය පෙළ විභාගය…