Category: Uncategorized

  • ලිට්‍රෝ ගෑස් මිල පහළට; නව මිල ගණන් මෙන්න

    ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 2,982ක් දක්වා පහළ ගොස් ඇත. කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,198කි. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…

  • සිගරට් මිලත් ඉහළට

    අද (ජූලි 1) සිට දුම්වැටිවල මිල ගණන් කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ අනුව, දුම් වැටියක මිල ඒ ඒ කාණ්ඩ යටතේ, රු. 5, රු. 15, රු. 20 සහ රු. 25 යන මිල ගණන්වලින් ඉහළ දමා ඇත. සුරාබදු ඉහළ දැමීමත් සමග දුම්වැටිවල මිල ද ඉහළ දමා තිබේ.

  • ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් 92 රුපියල් 10කින් ඉහළට

    ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි. එහි නව මිල 328ක් වනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්. ලංකා ඔටෝ…

  • අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

    ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය.  මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා…

  • නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

    මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇත. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික…

  • රිය අනතුරකට මුහුණදුන් විජයකලා රෝහල් ගත කෙරේ

    හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය. මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

  • තැන තැන මතුවෙන හොර සල්ලි

    රුපියල් 5,000  ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් සමග සැකකරුවන් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස නගරයේදී  ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයෙකු තැත් කරන බවට අකුරැස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදි අකුරැස්ස මාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙක් ව්‍යාජ 5,000 මුදල් නෝට්ටු 3ක්…

  • රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

    තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එහි දැක්වෙන්නේ, මෝටර් වාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022.03.31 දින සිට 2023.06.30 දක්වා නිකුත් කරනු ලැබ ඇති සෑම තාවකාලික රියැදුරු බලපත්‍රයක ම වලංගු කාලය, එම බලපත්‍රයේ කල් ඉකුත්වීමේ…

  • ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරන හැටි හෙළි කරයි.

    ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් වසර පහක කාලයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF,ETF අරමුදල් සදහා හෝ බැංකු පද්ධතියේ තැන්පතු…

  • ස්ටිකර් නැති බෝතල් වික්කොත් බාර් ලයිසන් කැන්සල්

    ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදුමුදල් අයකර ගැනීම…