Category: Local News

  • පාස්පෝට් සාමාන්‍ය ගාස්තුව දෙගුණයක් වෙයි

    පාස්පෝට් සාමාන්‍ය ගාස්තුව දෙගුණයක් වෙයි

    ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇති බවයි. ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

  • IOC ඉන්ධන මිල ද වෙනස් වෙයි

    IOC ඉන්ධන මිල ද වෙනස් වෙයි

    සිපෙට්කෝ මිලට සමානව ඉන්ධන වර්ග වල මිල වෙනස් කිරීමට සමාගමද කටුයුතු කොට තිබෙනවා.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෙනස්වීම බලපැවැත්වෙනු ඇති. සංශෝධිත මිල ගණන්.. පෙට්‍රල් 92 හි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් හි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් හි නව මිල රුපියල් 262කි. පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක නව…

  • ඉන්ධන මිල වෙනස්වෙයි

    ඉන්ධන මිල වෙනස්වෙයි

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් මිල…

  • මෙරට උද්ධමනය යලි ඉහළ යයි

    මෙරට උද්ධමනය යලි ඉහළ යයි

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසිනි. ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2023 දෙසැම්බර් මාසයේදී එය 0.3%ක් ලෙස පැවතුනි.

  • විරෝධය නොතකා ජනපති කැලණිය සරසවියට

    විරෝධය නොතකා ජනපති කැලණිය සරසවියට

    කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම අද (31) පෙරවරුවේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට…

  • ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාත්‍ය ධූරයක්

    ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාත්‍ය ධූරයක්

    මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජලසම්පත් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

  • අද රෑට ඉන්ධන මිළට මොනවා වෙයිද ?

    අද රෑට ඉන්ධන මිළට මොනවා වෙයිද ?

    ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. නමුත් දැනටමත් තිබෙන ඉහළ ඉන්ධන මිල හේතුවෙන් අපේ ඉන්ධන මිළ විශාල ලෙස ඉහල නොයනු ඇතැයි ද ඩීසල් මිල සුළු වශයෙන් ඉහල යා හැකි බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

  • VAT Refund කවුළුවක් ගුවන් තොටුපොළේ ඇරෙයි

    VAT Refund කවුළුවක් ගුවන් තොටුපොළේ ඇරෙයි

    විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම කවුළුව පවත්වාගෙන යන බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැට් ගෙවූ බවට සඳහන් කරන ලද අදාළ බිල්පත් එම…

  • සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

    සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

    අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් එල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අතර, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී ඇත. ජගත් ප්‍රියංකර මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු…

  • යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් කොටු වේ

    යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් කොටු වේ

    යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 499 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන්…