Category: Local News
-
ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ
—
in Local Newsඑළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-
යුක්තිය මෙහෙයුම පටන් අරන් අදට දින 50 යි..දිවයින පුරා අපරාධකරුවන් 56,541ක් අල්ලයි
—
in Local Newsයුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 වන දින සිට දින 50 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 142kg 541gඅයිස් 208 kg 290 gකොකේන් 974 g 605 mgඅබිං 49 kg 200…
-
විශිෂ්ටත්වයේ කේන්ද්‍රය ජනපති අතින් විවෘත වේ
—
in Local Newsදඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ ජනාධිපතිවරයා විසින් අද (05) විවෘත කළේය. සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ නිර්මාණය කෙරුණි. එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා එහිදී පිහිණුම් තටාකයේ…
-
අපනයනය සඳහා කංසා වගාවට අවසර
—
in Local Newsඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය. මේ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඩයනා ගමගේ අහත්මිය ප්‍රකාශ කළාය.
-
අනුර – ජයිශංකර් විශේෂ හමුවක
—
in Local Newsඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා තිබේ. ජයිශංකර් මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.
-
යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට
—
in Local Newsයුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ, ඉකුත් පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම් යටතේයි. එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව 559ක්. එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ…
-
කංසා වගාව සඳහා ආයෝජකයින් කැඳවීමට සැරසේ
—
in Local Newsඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය. “මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය…
-
අනුර කුමාර ඇතුළු පිරිසක් ඉන්දිය සංචාරයක
—
in Local Newsජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම එසේ පිටත්ව ගොස් තිබෙනවා.
-
ප්‍රදේශ කිහිපයකට වැසි
—
in Local Newsනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද නිවේදනය සඳහන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
-
රිමාන්ඩ් කළ ඇමැති කෙහෙළිය බන්ධානාගාර රෝහලට
—
in Local Newsරක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.