Category: Local News

  • ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි – ජනපති!!

    ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රජය මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති කාර්යයාලයේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. ආනයනය කරන භාණ්ඩ මිල…

  • සජිත් – විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී!!

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් – එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ. මේ අතර, ඩුබායිහි සිට මෙරටට ගෙන ආ…

  • දුම්රිය රියදුරන් සහ නියාමකයින් මැදියම් රැයේ සිට යළි වර්ජනයේ!!

    තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය…

  • නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට!!

    නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදීයි. එම අනුකාරක සභාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ්…

  • පොලිසියේ රැසකට ස්ථාන මාරුවීම්!!

    පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී ජී එන් ඩබ්ලිව් ඩී තල්දූව, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබෙනවා. තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඩී ජී එල් ඒ ධර්මසේන මාරුකර යවා ඇත්තේ…

  • කෘඩියා ශාඛය ගැන ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශයට පරිසර සංවිධානවලින් විරෝධයක්!!

    දැඩි කතාබහක් ඇති කළ කෘඩියා සෙලනිකා ශාක රට තුළ තවත් තිබීමට හැකි වුවත් ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය ලෝකයටම අතිශය වැදගත් බව පරිසර සංවිධාන පවසනවා. ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම ශාකය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. ඉකුත් සති අන්තයේදී අමාත්‍යවරයා කියා සිටියේ කෘඩියා සෙලනිකා එක් ශාකයක් පමණක් මෙරට ඇති බවට…

  • සීනී බදු වැඩි කරනවාට කැමතිද? ආණ්ඩුවෙන් ප්‍රශ්ණයක්!!

    සීනි කිලෝ ග්‍රෑම් 01 සඳහා රුපියල් 50ක තීරු බද්දක් දැන් පනවනවාට කැමතිදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විපක්ෂයෙන් ප්‍රශ්ණ කරනවා. ඔහු ප්‍රකාශ කළේ සීනි සඳහා තීරු බදු අඩු කිරීමෙන් ජනතාවට කිසිදු බල පෑමක් සිදු නොවූ බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බවයි. රුපියල් 50ක්ව තිබූ සීනි සඳහා වූ තීරු බද්ද ශත විසි පහ දක්වා…

  • ආණ්ඩුව කඩිනම් මැතිවරණයකට සූදානම්!

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීයි. කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා…

  • සීනි බදු වංචාවට එරෙහි ජවිපෙ FR පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට!

    ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල්…

  • විපක්ෂයේ පෙරමුණක් ගැන රනිල් – රාජිත සාකච්ඡාවක!

    විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.