Category: Local News

  • “රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

    සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

  • දළදා මංගල්‍යයේ කුඹල් පෙරහැර අද!

    මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (13) දින වීථි සංචාරය කිරීමට නියමිතය. අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ. පෙරහර මංගල්‍යය අද දිනයේ…

  • කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක!

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත. අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වී තිබුණි.

  • බන්ධනාගාරගත කළ බදියුර්දීන් රඳවන තැන ගැන තීරණය අද!

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් අද දිනයේ PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු රඳවා සිටින වාට්ටුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පැමිණ මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වුනේ. ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ විශේෂ ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. PCR…

  • කොරෝනා මෘත දේහ සඳහා නව භූමි ප්‍රදේශයක්!

    කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමි ප්‍රදේශයක් තෝරා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල භූමි ප්‍රදේශය කොරෝනා මෘත දේහ භූමදානයට සුදුසු ස්ථානයක් ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා මෘතදේහ භූමදානය සඳහා දැනට යොදාගනු ලබන්නේ මඩකලපුව…

  • PCR පරීක්ෂණ සඳහා උපරිම මිලක්!

    කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000…

  • කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත ජීවිතක්ෂයට!

    ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා…

  • මාසයකට දෙවතාවක් කොවිඩ් වෛරසය විකෘති වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක්!

    කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.කොරෝනා මර්දන එන්නත ලබාගැනීමේ වැදගත්කම පිළිබදවද ඔහු…

  • මහනුවර ඇසළ පෙරහැර සුබ මොහොතින් අරඹයි!

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලවල කප් සිටුවීම අද අළුයම සුබ මොහොතින් සිදු කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පළමුවෙන් ඉටුකළ එම චාරිත්‍රායෙන් අනතුරුව අද සිට නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු…

  • බස්නාහිර කොරෝනා පැතිරීම උග්‍ර අතට!

    බස්නාහිර පළාතෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,491 ක්. ඉන් ආසාදිතයින් 852 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදි ආසාදිතයින් 320 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 319 දෙනෙකු…