Category: Local News

  • කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

    සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා. අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ. අදාළ කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දැනුම්දෙනු ලැබුවා.

  • තෙල් ගන්න සල්ලි දෙන්න – ජනපති මහ බැංකුවට කියයි

    විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා.  ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමටයි.  අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීද ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් දැඩි…

  • වටවල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

    වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා.  වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවුරුදු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් වටවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විහාරාධිපති හිමියන්ව සැකපිට අත්අඩංගුවට ගත් බවයි…

  • පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ රැප් ගායක FillT අත්අඩංගුවට

    පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  කෙසෙල්වත්ත තක්‍ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක ආරක්ෂක රාජකාරී සඳහා  එම පොලිස් නිලධාරීන් පැමිණ සිටියා.  එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පරුෂ වචනයෙන්ද බැන ඇති බවයි වාර්තාකරු පැවසුවේ.  සැකකරු විසින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ මුඛ ආවරණයද ගලවා ඉවත්…

  • ගීතා කුමාරසිංහට මරණ තර්ජන

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.  අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.  ණය මුදලක් ලබා නොදීම සම්බන්දයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැන, මරණීය තර්ජනය කොට ඇති බව පොලිසිය පවසනවා.  මන්ත්‍රීවරිය විසින් පොලිසියට…

  • මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

    මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් විසින්. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය…

  • ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනයට ගැටළු

    ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට  ද  අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.  එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බවයි.  පෞද්ගලික බස් කර්මාන්තකරුවන් තවත් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් ඊට විසදුම් ඉල්ලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ…

  • හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

  • ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.

    වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි 08 වනදායි. විශ්වවිද්‍යාල පාලක සභාව පැවසුවේ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්වවිද්‍යාලය බවයි.

  • අද දිනයේ සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්!

    අද දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇත. එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව…