Category: Local News
-
අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්
—
in Local Newsඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
-
ලබන සතියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. කැබිනට් මණ්ඩලයේ සියලුදෙනා ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා කැබිනට්…
-
මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ
—
in Local Newsශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබිණ.
-
අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තුව අද
—
in Local Newsපාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ. ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ඉල්ලීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය…
-
මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 45 දෙනෙකු අත්අඩංගුවට
—
in Local Newsනුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. කලහකාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම කාර්යාලය සඳහන් කළා. එමෙන්ම ආරක්ෂක අංශයට අයත් බස්රථ 02 කට, ට්‍රක් රථයකට හා…
-
මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්
—
in Local Newsමරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට තමන්ව නිදොස් කොට…
-
අන්තර්ජාල සේවාත් බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින් වාර්තා
—
in Local Newsවිදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇති වන බවයි. බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන හා විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වුවද ජාතික විදුලිබල පද්ධතියේ…
-
උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අප්‍රේල් මස 05 හෝ 06 යන දිනවලින් අනතුරුව ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිඳු හිගයකින් තොරව ලබාදීමට හැකි වනු ඇති බවයි. එම කාලය වනවිට ඉන්දීය ණය ආධාර යටතේ වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර…
-
සති 02 ක් යනතුරු ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්
—
in Local Newsතවත් සති දෙකක පමණ කාලයක් ගතවන තුරු ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉකුත් දිනවල පැවැති ගෑස් හිගය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන ඉදිරිපිට තවමත් පෝළිම් පවතින බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. එබැවින් මේ මොහොතේ ගෑස් මිල සංශෝධනයක් සිදුකළ හොත් එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ. …
-
චීනයෙන්, ශ්‍රී ලංකාවට සහල් ටොන් 2000 ක්
—
in Local Newsශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි. අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්, සෑම…