Category: Local News

  • ජනපති සහ පක්ෂ අතර අදත් සාකච්ඡා

    සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.  සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකගතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරයා ඊයේ…

  • විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි.  එම කමිටුව පත් කර මාසයක් ඇතුළත නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.  එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත ගාස්තු අනුපාත ද කැබිනට්…

  • දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි

    නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි…

  • හිටපු ජනපතිට ආපසු එන්න හොඳ කාලය මෙය නොවෙයි – ජනපති රනිල් කියයි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබේ.

  • අද සිට තෙල් දෙන්නේ මෙහෙමයි

    ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (අගෝ: 1) සිට රට පුරා පිහිටි ඉන්ධන හල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය. ඔහු සඳහන් කළේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම නව ක්‍රමවේදය කරන බවත් මෙම ක්‍රමවේදයෙන් පරිබාහිරව කිසිදු අයුරකින් ඉන්ධන…

  • පිරවුම්හල් 826 ක QR ඛේතය සූදානම්

    ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR ඛේතය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛයාව 826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට සිපෙට්කෝ පිරවුම්හල් 713 ක් ඇතුලත්.  ඊයේ දිනය තුළ පමණක් පිරවුම්හල් 536 ක මෙම ක්‍රමවේදයට ක්‍රියාත්මක කෙරුණා. ඒ හරහා ඉන්ධන නිකුත් කෙරුණු වාහන සංඛ්‍යාව එක් ලක්ෂ 87,005 ක්.  ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් එක් ලක්ෂ 63,544 දෙනෙකු…

  • GotaGo සටන දිනලා ඉවරයි

    ගාලු මුව‍ෙදාර පිහිටි ‘ගෝඨාගෝහෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරට ත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බව ත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන බව බ්ලැක් කැප් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ‘ගෝඨාගෝහෝම්’ නමැති සටන් පාඨය සමග ඔවුන් එකඟ වූ අප්‍රකාශිත එකඟතාවන් එනම් අරගල භූමියේ පාර්ශ්ව ගණනාවක්…

  • ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයට සීමා

    දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශ විනිමය සම්බන්ධයෙන් පවතින් ගැටලු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදු වන බව ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන…

  • නව අගමැති දිනේෂ් වැඩ අරඹයි

    නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජූලි 22 වනදා දිවුරුම් දුන්නේ ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා වන්නේ, දිනේෂ් ගුණවර්ධන යි.

  • දුම්රිය ගාස්තු අද සිට ඉහළට

    අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත. දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ. වේදිකා ප්‍රවේශ පත්‍ර…