Category: Local News
-
මර්වින් සිල්වා CID අත්අඩංගුවට
—
in Local Newsහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
හිටපු ජනපතිට තායිලන්ත ආරක්ෂක අංශවලින් දුන් අවවාදය
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු රැඳී සිටින තායිලන්තයේ හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂක විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දින 28 කට ආසන්න කාලයක් සිංගප්පුරුවේ රැඳී සිටීමෙන් අනතුරුව ඊයේ දිනයේදී තායිලන්තයට පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණියේ තවත් තිදෙනෙකු…
-
අරගලකරුවන් ගාලු මුවදොරින් අද සිට ඉවත්වීමේ තීරණයක
—
in Local Newsගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, “අපි ඒකාබද්ධ සමූහය හැටියට අපි පොදු තීරණයක් අරන් තියෙනවා ගාලු මුවදොර අරගල භූමියේ ඒ භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා,” යනුවෙනි. එමගින් අරගලය අවසන් බවට අදහස් නොකරන බව ත්…
-
විදුලි බිල සීයයට 75කින් වැඩි කෙරේ
—
in Local Newsහෙට (අගෝ. 10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව පැවසීය. ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් මෙම ඉහළ දැමීම හරහා එකතු…
-
ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතාවයක්
—
in Local Newsතමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වන බව නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නිසි අධිකරණ පටිපාටිය අනුගමනය නොකොට කෙටි මාර්ගයකින් මෙලෙස සහන පැතීම සඳහා ඉදිරිපත් වීම අනුමත කළ නොහැකි බව ජේෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම…
-
IOC පිරවුම්හල් 50 ක් විවෘත කිරීමට අවසර
—
in Local Newsනව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර හිමිව තිබෙනවා. කොළඹ කොටස් වෙළදපොල ප්‍රකාශකයෙකු පැවසුවේ එම සමාගම විසින් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය වෙත දැනුම්දීමක් කර ඇති බවයි. ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමට එම සමාගම තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.
-
“ගෝඨාට එන්න වාතාවරණය හොඳ නෑ”
—
in Local Newsරටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ප්‍රධානියකුගෙන් ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසුවේ එවැනි තොරතුරු ලැබී තිබෙන බව ය. දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට වීසා ලැබී තිබෙන්නේ…
-
ඛණිජ තෙල් සපයන්න තවත් සමාගම් වලටත් අවසර
—
in Local Newsඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝ. 5) අදාළ කමිටුව පත් කළ බව ය. ඒ අනුව, ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල්…
-
රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට
—
in Local Newsරියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ. වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කර ඇත. ඒ අනුව, සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව…
-
ජනපති සහ පක්ෂ අතර අදත් සාකච්ඡා
—
in Local Newsසර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකගතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරයා ඊයේ…