Category: Local News

  • Campus එකේ Rag කළොත් Blacklist

    රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පු වන සිසුන් අසාදු ලේඛනගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පැවසීය. ඒ අනුව, වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමට ත්, උපාධිය අවලංගු කිරීමට ත්, දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතුවලට ඉඩ නොදීමටත් පියවර ගන්නා බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. ඊට අමතරව මොවුන්ට රජයේ රැකියාවක යෙදීමට නොහැකි වන…

  • මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි

    මීගමුව, කුරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 20) රාත්‍රී කාලයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇති බව ය.…

  • විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

    එළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පෙරේදා (සැප්. 19) එම විහාරස්ථානයේදී පවත්වා…

  • දින තුනක් තුළ නෙළුම් කුළුණට මිලියන 07ක ආදායමක්

    ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ මෙතෙක් කල් නෙළුම් කුළුණ විවෘත නොකර තැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.   ඔක්තෝම්බර් 1 වනදා සිට උදෑසන 9 ත් දහවල් 2 ත් දක්වා කාලය තුළ නෙළුම් කුළුන…

  • සිරකරුවන් 417 දෙනෙකුට නිදහස

    ජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එලෙස නිදහස් කර ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකිවූ සහ සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි සිරකරුවන් 417 දෙනෙක්. නිදහස හිමිවූ එම පිරිස අතර කාන්තා රැඳවියන්…

  • ඔක්තෝබර් 20න් පසු දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි

    ඔක්තෝබර් 20 වන දා යි න් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම අනතුරු අඟවයි. තම ආයතනයට එ‍ල්ල වී ඇති චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය කරන තෙක් මෙරටට ගල් අඟුරු සැපයීමට නොහැකි බව අවම ලංසුව ඉදිරිපත් කර තිබෙන ඩුබායිහි බ්ලැක්…

  • රංගන ශිල්පී දමිතා අබේරත්න අත්අඩංගුවට

    රංගන ශිල්පී දමිතා අබේරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල දියත උයනේදීයි. කොළඹ උතුර කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුල්වීම හා දේපළ හානි කිරීම යන චෝදනා යටතේ එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගැණුනු රංගන…

  • ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ලැබුණු සහතිකය

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා පැරිස් ක්ලබ් මූලධර්මවලට අනුව ආධාර ලබා දීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබා දීමට ද…

  • ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න

    අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රු. 4551ක්. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රු. 1827ක් ලෙසයි.…

  • ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ

    බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ. ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 75,000 ක් ගෙවීමට සිදුවී ඇතැයි ද තෙල්…