Category: Local News

  • හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන්…

  • සනත් නිශාන්තට සිතාසි

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

  • කොකේන් ගෙන ආ උගන්ඩා ජාතිකයා අත්අඩංගුවට

    කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇත. වැඩිදුර පරීක්ෂාවේදී සැකකරුගේ උදරයේ තිබී කොකේන් සහිත ගුලි 17ක් පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි. වැඩිදුරටත් වාර්තා වන්නේ එම…

  • ජනාධිපති අද පිලිපීනයට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ දෙවන දිනය අදයි. ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතය. මෙවර…

  • විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණය…

  • ගල් අඟුරු තොගයකට රජය අත්තිකාරම් ගෙවයි

    නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම අද සිදුකළ බවය. ගල්අඟුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලින ටෙන්ඩර් සහ අත්පිට…

  • විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවූ හේතුව ඇමති හෙළිකරයි

    මෙරටට ආනයනය කරන ලද බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නෛතිමය වශයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. ලක්ෂපාන විදුලි…

  • ජීවිතයක් බේරීමට ගොස් දිවි අහිමිකර ගත් දෙදරු මවක්

    අසල්වැසි නිවසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි දෙදරු මවකි. ඇය පොළොන්නරුව, කදුරුවෙල, අංක 20 දරන ලිපිනයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී නම් දෙදරු මවක මෙලෙස මිය ගොස් තිබේ. ඇය මෙම අනතුරට ලක්ව…

  • ජනපති දිවයිනෙන් පිටත්ව යයි

    ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සදහා එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා. එතැන් සිට එම පිරිස…

  • විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

    සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බවය. “අරගලයට නව ජවයක් – තරුණ…