Category: Local News

  • රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය’ අසූර් එයාර් ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

    “රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය” වන අසූර් එයාර් ගුවන් යානයක් අද (නොවැ. 3) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කරමින් අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. අද පෙරවරු 9.45ට මෙම යානය මගීන් 335 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවේ…

  • මර්දනයට එරෙහිව නැගී සිටිමු’ ඒකාබද්ධ විරෝධය අද

    වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (නොවැ. 2) කොළඹදී පැවැත්වේ. මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිත ය. ‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර…

  • විරෝධතාවයකදී සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට 

    අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා.  වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගම්වාසීන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිට තිබෙනවා.  එහි සිටි පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ඇති අතර…

  • රන්ජන් කටුනායකදී ආපසු හරවා එවයි

    විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. රන්ජන් රාමනායක ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ. කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට…

  • වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම යළි ගේන්න

    විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ ‘මව්බිම’ට පැවසුවා ය. ඒ අනුව, ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කරන්නට කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවා ය. ළමා…

  • නියාමනයක් නැතුව කෝටාව වැඩිකරන්න බෑ – කංචන

    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර අදාළ ත්‍රිරෝද රථ නියාමනයට ලක්කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ නිසි නියාමනයකින් තොරව ඉන්ධන කෝටාව සියලුම ත්‍රිරෝද රථ සඳහා වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා. “දැනට අපි දෙන්නේ…

  • යළිත් පාර්ලිමේන්තු විවාද නැරඹීම ට පාසල් සිසුන්ට අවස්ථාව

    පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ. ඒ අනුව, පාර්ලිමේන්තු සභාගර්භයේ…

  • නඩුවක් නිසා කෝටි 52ක නැවක් මුහුදේ දිරයි

    ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා විදේශීය ආයෝජකයෙකු විසින් මීට වසර තුනකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 52ක් පමණ වටිනා නෞකාවක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුළ පවතින නඩු කටයුත්තක් වසර දෙකක් තිස්සේ විභාගයට ගෙන නොතිබීම හා ඊට අදාළ නඩු තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වීම නිසා එම නෞකාව මෝදර වරාය තුළ දිරාපත්වීමේ අවදානමකට…

  • මැතිවරණය පැවැත්වෙන කාලය ගැන ප්‍රකාශයක්

    ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජි. පුංචිහේවා මහතා එම අදහස් පළ කළේය.…

  • ගෝඨාභය ට යළි නොතීසි නිකුත් කරන්නැයි දැනුම්දීමක්

    2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතීසි…