Category: Local News

  • රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු ජීවිතක්ෂයට

    කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව…

  • මරණය මතින් නැවත ජීවය ලද සිරියානු පවුල

    දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ල තුල සිරවී සිටි දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් සිව්දෙනා ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වූ…

  • මේ අර්බුදය උග්‍ර වුණේ හිටපු ජනපතිට ලැබුණු වැරදි උපදේශ නිසා

    ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. අදායම් ලබා ගත් මාර්ග ඉකුත් කාලය තුළ ක්‍රමානුකූලව ඉහළ නංවාගෙන නොමැති බව ද ඔහු එහිදී පැවසීය. කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, “ඒ…

  • තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 4,000 ඉක්මවයි

    තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ වන විටත් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ය. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රිය පුරා ද ක්‍රියාත්මක වූ එම මෙහෙයුම් සඳහා අධික සීතල, හිම පතනය සහ වර්ෂාව බාධා…

  • ලාෆ්ස් ගෑස් මිල ඉහළට: නව මිල ගණන් මෙන්න

    ලිට්‍රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 5,280ක් දක්වා ඉහළ ගොස් ඇත. කිලෝග්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112ක්…

  • සොරකම් කළ සියලු මුදල් ආපසු ගන්නවා

    දේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (පෙබ. 4) පැවසීය. මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කොට ශක්තිමත් කරන බව ද ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමේදී හෙතෙම කීය. ජාත්‍යන්තර…

  • පසුගිය වසරේ ලක්ෂ 3ක් රට හැර යයි

    2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934 ක්. ඒ අතරින් එක් ලක්ෂ එක් දහස් 786 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇත්තේ නුපුහුණු ශ්‍රමිකයින් ලෙසයි. පුහුණු ශ්‍රමිකයින් ලෙස 88,215 සහ ගෘහ සේවිකාවන්…

  • ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරුට ඇප

    නානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා හැර තිබෙනවා. සිද්ධියට අදාළ නඩුව මාර්තු 02 දින යළි කැඳවිමට නියමිතයි. ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරා සම්බන්ධ රිය අනතුර සිදු වූයේ කොළඹ තර්ස්ටන්…

  • නොමිලේ දෙන බස්-ත්‍රීවීල් පාසල්වලට බරක් වෙලා

    දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති. මෙම බස් රථ සඳහා ටයර්, සර්විස්, ආදායම් බලපත්‍ර මෙන් ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අය කරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට…

  • මැතිවරණ ගැසට්ටුව නිකුත් වෙයි

    මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි. එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය