Category: Local News

  • විදුලි කප්පාදුව අද සිට නවතී

    අද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් සහ මහජන බැංකුව රුපියල් බිලියන 50ක ණය මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට කැමැත්ත පළ කර…

  • 12 හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට

    සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ. මිය ගිය දරුවා තුටුවායි, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා සහ ප්‍රදේශවාසීන් දරුවා සොයා බැලීමේදී නිවස අසල පිහිටි ළිඳ තුළ වැටී සිටියදී හමු වී ඇත. එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී…

  • තැපැල් ඡන්දය කල්යයි

    පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබුණා.

  • ජූනි 1 දා සිට තහනම් වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

    ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, වරක් භාවිත කර ඉවත ලන (single-use) ප්ලාස්ටික් / පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා…

  • විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

    අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනා සේවාව ලබාගැනීම සදහා අද දිනය තුලදී සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටවනු ලැබුවා.  ඒ අනුව ගමන්…

  • උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය

    මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි. මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ…

  • ඩෙංගු යළිත් හිස ඔසවයි

    මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම  අංශය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති…

  • බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ චලනයක්

    බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම භූචලනය අද දහවල් 12.11ට පමණ සිදුව ඇති අතර එය මෙරට පිහිටි භූකම්පන මාපක 04 හි සඳහන් වී ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.…

  • වකුගඩු ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායකදී  අත්අඩංගුවට

    දිළිඳු පවුල්වල පුද්ගලයින්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ රෝහලක් තුළදී එම සැකකරු මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරමේ නිරතවී තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි…

  • රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු ජීවිතක්ෂයට

    කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව…