Category: Local News

  • ITAK නායකත්වයට එස්. ශ්‍රීධරන්

    ITAK නායකත්වයට එස්. ශ්‍රීධරන්

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි. ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව…

  • මාතර තෙලිජ්ජවිල වෙඩි තැබීමක්

    මාතර තෙලිජ්ජවිල වෙඩි තැබීමක්

    මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ අද (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුටය. ඔහු වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • විදුලි සේවකයින් 66 ක් ඉවතට

    විදුලි සේවකයින් 66 ක් ඉවතට

    වැඩ තහනම් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව විදුලි සේවකයන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා. මුදල් කවුළු වසා පාරිභා්ගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා වන අයුරින්ද ඇතැම් සේවකයින් කටයුතු කර තිබුණා. ඒ අනුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පළමුව පියවර ගනු…

  • සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

    සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

    පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි…

  • ලංකා සතොසේ බිත්තර මිල වෙනස් වෙයි

    ලංකා සතොසේ බිත්තර මිල වෙනස් වෙයි

    ලංකා සතොස මගින් අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35 කට අලෙවි කිරීමට නොහැකි වීම මෙයට හේතුවයි.

  • විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

    විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය. විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

  • ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි

    ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි. උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබේ. හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය. මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණි.

  • නව විද්‍යුත් හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට ඇරඹේ

    නව විද්‍යුත් හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට ඇරඹේ

    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය. “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා.…

  • VAT අය කිරීමේ වාර්ෂික පිරිවැටුප් සීමාව ළඟදීම පහළට

    VAT අය කිරීමේ වාර්ෂික පිරිවැටුප් සීමාව ළඟදීම පහළට

    එකතු කළ අගය මත පනවනු ලබන බද්ද (VAT) හරහා අය කිරීමට අපේක්ෂිත රුපියල් මිලියන 80ක වාර්ෂික පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ”තමන්ගේ ව්‍යාපාරයේ හෝ නිෂ්පාදන ආයතනයේ රුපියල් දස ලක්ෂ අසූවකට වැඩිය වාර්ෂික පිරිවැටුපක් තියෙනවා නම් ඔහු අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු යි. වාර්ෂිකව මිලියන…

  • සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව දැඩි තීරණයක් ගනී

    සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව දැඩි තීරණයක් ගනී

    සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග නැවත පෙබරවාරි 01 වනදා සිට දීපව්‍යාප්ත වර්ජනයක් ලෙසින් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ඒ බව පැවසීය. ඔවුන් පවසන්නේ ආර්ථික යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙම පියවර ගන්නා බවය. එමෙන්ම ජනවාරි 23 වනදා සිට ඉදිරියට දීපව්‍යාප්තව රටපුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට…