Author: admin

  • සිව් දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම රිය අනතුර

    තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද(04) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබිණි. අනතුරින් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා සිටි තවත් පුද්ගලයෙකු අද පෙරවරුවේ මියගොස් ඇති බව…

  • ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

  • ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක්…

  • උමාරා සිංහවංශ ට කැඳවීමක්

    ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වේ. උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය…

  • තවත් බිහිසුණු බස් අනතුරක්

    වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය. අනතුරින් බස් රථයේ ගමන්ගත් 15ක් තුවාල ලබා…

  • ප්‍රවීණ හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අද (අගෝ. 1) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය. ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු ද විය.

  • බාල බෙහෙත්වලට එරෙහිව අගෝ. 3 රට පුරා සෞඛ්‍ය වැඩ වර්ජනයක්

    සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙ ම නියෝජනය වන පරිදි අගෝස්තු 3 වන දා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදුවී තිබීම ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමස්ත කඩා වැටීමට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ සඳහන් කළහ. මෙම සංකේත වර්ජනය සමස්ත ශ්‍රී…

  • යාපනෙන් ලන්ඩන් ගිය ස්ටූඩියෝ හිමියා අවුරුදු 11ක් හිරේ

    යාපනයේ දෙමළ තරුණයෙකු ලන්ඩනයේදී චීන තරුණියක අපයෝජනය කිරීමේ වැරැද්දට ලන්ඩනයේ හෙන්ඩන් ක්‍රවුන් අධිකරණය විසින් විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 11ක සිර දඬුවමක් පනවනු ලැබ තිබේ. යාපනයේ සිට වසර හතරකට ඉහතදී ලන්ඩනයට ගොස් සිටින එස්. සයන්තන් නමැති 38 හැවිරිදි මෙම පුද්ගලයා ලන්ඩනයේ බේ‍රාම්ප්ටන් පාරේ ඡායාරූප ශාලාවක් පවත්වා ගෙන යන අතර ඡායාරූපයක් ගැනීමට පැමිණි චීන තරුණියකට ඡායාරූප…

  • තවත් දැරියක් අතුරුදන්

    මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි. දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය…

  • රියදුරන්ගේ හදිසි වර්ජනයකින් දුම්රිය මගීන් අතරමග

    අද (ජූලි 24) උදෑසන සිට ආරම්භ කළ දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක ය. ඒ හේතුවෙන් මේ දක්වා දුම්රිය ගමන් වාර 26ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබේ. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු…