Author: admin
-
බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව
—
in Local Newsජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහාය ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට බදු අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි. 2017 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර…
-
අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.
—
in Local Newsඅභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා. බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන 10.00ට පමණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවමංගල්‍ය පෙරහැරට එක්වුණා.
-
පොලිසිය යාපනයේදි කපයි.
—
in Local Newsයාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය. මෙලෙස තුවාල ලබා ඇත්තේ චුන්නාකම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ…
-
විග්නේෂ්වරන්ට විරෝධය.
—
in Local Newsඋතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිදු සහයක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඔවුන් හඬක් නැගූව ද ඊට දේශපාලනික වශයෙන් සහයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්…
-
තිස්සට එන්න කියයි.
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 09 වැනිදා නඩු පවරන ලදී. 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන් …
-
විමල් අදත් FCID එකේ
—
in Local Newsප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. පසුගිය රජය සමයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 14 වැනිදා ද ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණි.
-
දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඬුවම
—
in Local Newsභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා. ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් නඩුවේ තීන්දුව ලබා දී තිබෙනවා. දුමින්ද සිල්වා ඇතුළු…
-
පළමු 20 විස්ස අද.
—
in Local Newsඕස්ටේ‍්‍රලියාව සමග වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද දිනයේත් දෙවන තරගය ලබන 09 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා වනවා. තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ කුසල් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත්. සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා,…
-
මහකොමසාරිස්ට පහරදුන් 05 ක් අල්ලයි. CCTV දර්ශණ සහිතයි.
—
in Local Newsමැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු දැන්ම හෙළි කළ නොහැකි බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් කියා සිටියේ. මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදී ඊයේ (04) මෙම පහරදීම සිදුවුණා. ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් ද…
-
මේ වසරේ මුල වික්ක නාමල්ගේ වාහනය අල්ලයි.
—
in Local Newsපාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේදීයි. මෝටර් රථයේ වත්මන් හිමිකරු වන හර්ෂ ද සිල්වා නැමත්තා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන ප්‍රේමනාත් සී. දොලවත්ත මාධ්‍ය වෙත කියා සිටියේ…