Author: admin

  • මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට

    මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට

    2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වනවා. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. ඒ අනුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩලවලට අද (13) උදෑසන 09.00 සිට පස්වරු 04.00…

  • කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

    කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

    එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා  අභියාචනාධිකරණයට අද තවත් රිට් පෙත්සමක් ගොනු කෙරුණා. කරුණා අම්මාන් විසින් ඉකුත් දිනක යුධ හමුදා සෙබලූන් 2000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප‍්‍රකාශයට අදාළව ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ. එම…

  • පාඨලීට සහ හිටපු වැලිකඩ OICට එරෙහිව නීතිපති නඩු පවරයි

    පාඨලීට සහ හිටපු වැලිකඩ OICට එරෙහිව නීතිපති නඩු පවරයි

    රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා. එම රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පිකට එරෙහිව නීතිපති දප්පුල…

  • ගැටළු සහගත විදුලි බිලට සහන රැසක්

    ගැටළු සහගත විදුලි බිලට සහන රැසක්

    කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පනවා තිබු ඇඳිරි නීති සමය වූ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල් සඳහා වූ පළමු ඒකක 90 සඳහා වූ බිලෙන් සියයට 25ක ගාස්තු අඩු කිරීමකට වූ යෝජනාවක් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත් ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. විදුලි බිල්වල ගැටළු…

  • කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ.

    කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ.

    අද දිනයේ කොරෝනා ආසාධිතයන් 57ක් හමුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ඒ කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙනි. කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට පිරිසක් පසුගියදා පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ. එම පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන්…

  • වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

    වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

    දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 5කට…

  • මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

    මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

    මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 9.50ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තාවේ. මෙරට විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ , නිරතව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක්…

  • විමල්ට එරෙහි නඩුවට දින

    විමල්ට එරෙහි නඩුවට දින

    අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය. එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය. එදින…

  • ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

    ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

    පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.   වාර්තාකරු පැවසුවේ මෙම එක් මළ සිරුරක ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සහ අනෙක් සිරුරේ හිස ප්‍රදේශයේ තුවාල තිබේන බවය. මෙය…

  • පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට  බාරවෙයි

    පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ. පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දීමට නියමිත බවය. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා පොලීසිය විසින් සොයමින් සිටියේය.