Author: admin

  • හෙට කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්: පළාත් තුනකට තද වැඩි

    දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (02) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.…

  • ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

    ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. 

  • පෙට්‍රල් 13 කින් – ඩීසල් 35 කින් – සියලු ඉන්ධන මිල ඉහළට

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මෙවර සෑම ඉන්ධන වර්ගයක ම මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 13 කින්. එහි නව මිල රුපියල් 361 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති…

  • පෑවිල්ල දිගට ම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

    පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව යි. සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් මාවුස්සාකැලේ…

  • බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

    දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය. පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව අද (25) උදැසන සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ. පසුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී…

  • පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

    පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවය. “පහුගිය අවුරුදු 3 අයිස් භාවිතයේ වැඩිවීමක් ලංකාව තුළ තිබුණත් දැන් මේ මාස 6 ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලුදෙනාම පිළිඅරන්…

  • බඹරුන්ගෙන් බේරීමට දුවමින් සිටි දරුවෙක් ප්‍රපාතයකට ඇද වැටී මියයයි

    බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් සිව් ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිව් දෙනා වයස අවුරුදු 16 පසුවූ ළමයින් පිරිසක් බව ය. ප්‍රපාතයෙන් ඇද වැටී සිටි දරුවා, පොලිසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශ…

  • වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    වෙළෙඳසැල්වලින් මිලදී ගනු ලබන පානීය ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම බෝතල් දැඩි හිරු එළියට නිරාවරණය වීම තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීමේ හැකියාවක් ඇති බවය. පාසල් දරුවන්ට හැකිතාක් නිවසින් පානිය ජලය…

  • පාසල් යමින් සිටි දැරියකට පිහි ප්‍රහාරයක්

    මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත අද (08) උදෑසන යමින් සිටි දැරියකට පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබේ. පසුව එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා ගල් බැඳ හසලක පොලීසියට වෙත භාරදීමට කටයුතු කර ඇත. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබු 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය මේ වනවිට මහියංගන මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දැරියගේ…

  • කඳානේ ගින්නෙන් පාසල් ළමුන් 60ක් රෝහලට

    කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි. කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට…