Author: admin
-
ශ්‍රේණි කිහිපයක් සඳහා පාසල් අද යළි ඇරඹේ
—
in Local Newsකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙවන වරටත් තාවකාලිකව වසා දැමුණු පාසල් අද (27) සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව අද සිට යළි ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදු කෙරෙනවා. මේ අතර පළමු…
-
තින්දුව දෙන්නත් කලින් බන්ධනාගාර බස් එක ඇවිත්! අධිකරණය රැත් ඇරන් ඉදලා!රහස් පොලිසියට පරික්ෂන පවරයි.
—
in Local Newsහිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් 2015.04.22 දින අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර බන්ධනාගාර බස් රථයක් එම අධිකරණ භූමියට පැමිණියේ කෙසේද යන්න ගැන වහාම විමර්ශනයක් සිදුකරන ලෙස පසුගිය…
-
අසත්‍ය ප්‍රචාරයකට මහ බැංකුවෙන් පිළිතුරු
—
in Local Newsඅමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා…
-
යුධ හමුදා බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේදී අල්ලා ගනියි!
—
in Local NewsIDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී සොයා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. යුධ හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ…
-
තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව
—
in Local Newsතැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා. අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව…
-
පළා ගිය රැඳවියා සොයා අංශ ගණනාවකින් මෙහෙයුම්.
—
in Local Newsනව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී IDH රෝහලෙන් පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් මේ වන විට යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා. මෙම කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා අද අළුයම 3.00 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්…
-
කොවිඩ් රෝගියෙක් පැනයයි…!
—
in Local Newsමුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වෙල්ලමනල් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. වම් කකුලේ…
-
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී මරලා!බුද්ධි අංශ විමර්ශන අරඹයි.
—
in Local Newsප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා. විෂ ශරීරගත වීමකින් හෝ හෘදයාබාධයකින් අංගොඩ ලොක්කා මියගොස් ඇති බවටයි බුද්ධි අංශ වෙත මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒ අනුව, අංගොඩ ලොක්කා සැබෑ ලෙසම මියගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ…
-
තෙවරප්පෙරුම පහර කා රෝහලේ!
—
in Local Newsහිටපු රාජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (22දා) පස්වරුවේ කිසියම් පිරිසකගේ කිසියම් පිරිසකගේ පහරදිමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි. කළුතරට පානීය ජලය ලබාදීම සදහා යොදනු ලබන ජල නළ පද්ධතියේ ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ඊයේ පස්වරු 2 ට පමණ හිටපු අමාත්‍යවරයා මතුගම වැල්කන්දල ප‍්‍රදේශයට ගොස් තිබේ. එහිදී…
-
රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි.
—
in Local Newsසංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී කරුණු දැක්වූ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේ රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින…