Author: admin
-
කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්
—
in Local Newsකුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට අමතරව නාගරික කොමසාරිස්වරයාද අත්අඩංගුවට ගන්නා ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ…
-
පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය.
—
in Local News2020 මහමැතිවරණය පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා. ඒ ගාල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%) සමගි ජනබලවේගය – 5144 (13.51%) ජාතික ජනබලවේගය – 3135 (8.23%) එක්සත් ජාතික පක්ෂය – 1507 (3.96%) ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.
-
ඡන්දයට අදාළව සමාජජාල වෙත මුදා හරින වීඩියෝ සහ ඡායාරූප ගැන පැහැදිළි කිරීමක්
—
in Local Newsඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම පිළිබඳව පවතින නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (05) ඡන්ද විමසීම දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට…
-
තවත් පාතාලයෙක් ඉවරයි! SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට
—
in Local Newsඅනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ
-
උදෙන්ම ගිහින් ඡන්දය දාන්න.මැ.කෝ
—
in Local Newsකිසිදු බියක් ඇති කර නොගෙන අද උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය පාවිච්චි කරන ලෙස සියලූ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.ඡන්ද මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර ඇතැයිද රටේ සාමාන්‍ය පොදු ස්ථානවලට වඩා ඡන්ද මධ්‍යස්ථාන ආරක්‍ෂිත යැයිද ඒ මහතා කී්‍ය. ඡන්ද පොළට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත රැුගෙන ඒම අනිවාර්ය වන…
-
අවසන් ඡන්ද ප්‍රතිඵල 06 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී!
—
in Local Newsමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මනාප ප්‍රතිඵල 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…
-
රෝසි නගරාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප මන්තී‍්‍ර පිරිසක් රනිල්ගෙන් ඉල්ලයි
—
in Local Newsකොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් 60 ක් සිටින බවත් ඉන් මන්තී‍්‍රවරුන් 56 දෙනකුගේ අත්සන් සහිතව ලිඛිතව…
-
නව පාර්ලිමේන්තුව ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
—
in Local Newsඅගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (04) අලුයම නිකුත් කළ නිවේදනයකින් දැක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන තිබෙනවා. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ…
-
සම්පායෝට විශේෂ සැලකිලි
—
in Local Newsරක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (04) අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (03) රාත‍්‍රියේ ඔහු දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ඒමටත් පෙර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් එහි සකසා තිබු බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා. එම කටයුතු සම්පාදනය කර ඇත්තේ ද…
-
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹෙයි
—
in Local Newsමෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ අද දිනයේ ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සිදුවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිවල සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසක්. ඒ අනුව අදින් පසු ඉදිරියට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වීමේ මෙහෙයුම්…