Author: admin
-
මාලක සිල්වා අත්අඩංගුවට
—
in Local Newsහිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී. සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීම ඔහුට එරෙහි එල්ල වී තිබෙන චෝදනාවයි.
-
ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි!
—
in Local Newsමෙවර මහා මැතිවරණයේදි එක් මන්ත්‍රි ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදි නව රජයට සහය පලකරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ.එල්.එම්.අතාවුල්ලාගේ නායකත්වනේ යුත් ජාතික කොංග්‍රසය සඳහන් කරනවා. මහා මැතිවරණයට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පලකරමින් ශ්‍රි ලංකා පොදුජන නිදහස් සන්ධානයට සහය පල කරමින් ගිවිසුමකට එළඹි ප්‍රධාන පක්ෂ 18ක් ඇති අතර ඉන් එක් පක්ෂයක් වන්නේ…
-
නව අගමැති අද වැඩ අරඹයි
—
in Local Newsමහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම අරලියගහ මන්දිරයේදී අද (11) පෙරවරුවේ සිදු කෙරෙනවා. පෙරවරු 10.30 ට පමණ යෙදී ඇති සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතයි. ශී‍්‍ර ලංකාවේ 13 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඉකුත් 09 වැනිදා දිව්රුම් දුන්නා. ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි.…
-
සමගි ජනබලවේගයෙන් ආරාධනාවක්
—
in Local Newsවිධිමත් සැලසුමක් යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පිරිසිදු දේශපාලනඥයින්ට ද තමන් ආරාධනා කරන බවයි.
-
ඇමති මණ්ඩලය දිවුරුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් වීම ගැන විද්වතුන් අදහස් දක්වයි.
—
in Local Newsමින්පෙර සිදුනොවූ අයුරින් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යථාර්ථයක්වීමේ සුබ පෙර නිමිත්තක් බව විද්වතුන් පවසනවා. මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ විධිමත් සහ විද්‍යාත්මක අයුරින් අමාත්‍යාංශ බෙදා වෙන්…
-
“ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නොදුනහොත් හකීම්, බදියුදීන් සමග සුලු ජාතික 15ක් ස්වාධීන වෙනවා” සුලු ජාතික මන්ත්‍රීවරුන්ගෙන් සමගි ජනබලවේගයට බලපෑම්
—
in Local Newsසමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී කණ්ඩායම අද පළමු වරට රැස් වනවා. එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. මේ අතර, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පොරොන්දු වූ පරිදි සිය පක්ෂවලට මන්ත‍්‍රී ධූර ලබා නොදෙන්නේ නම්, රවුෆ් හකීම්, රිෂාඞ් බද්යුදීන් සහ තමන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු…
-
රනිල් නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දිනයකදී ගැනීමට නියමිත බවයි සඳහන් කරන්නේ. පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී…
-
ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ගැටුමක් – අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවත් කෙරේ
—
in Local Newsඅපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙන්. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පැවසුවේ සිය පක්ෂයේ…
-
නව රජයේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම සජීවිව මෙතැනින් නරඹන්න
—
in Local Newsනව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා. එම අවස්ථාව සජීවිව මෙතැනින් නරඹන්න
-
ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 ට පෙර දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව.
—
in Local Newsමෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා. එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ…