Author: admin

  • නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම්

    නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක බව නාවික හමුදාව පවසනවා. එම මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික හමුදාවේ හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත‍්‍රාවල ද සහය හිමිව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක…

  • දරුවන්ට උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස ,ඇත්නම් ඔවුන් පාසැල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්!

    දරුවන්ට උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස ,ඇත්නම් ඔවුන් පාසැල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්!

    දිවයිනේ සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු අද (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. කොරෝනා වසංගතය හමුවේ මීට පෙර පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් පරිශ‍්‍ර තුළ නිරන්තර පරීක්ෂාවන් සිදුකරන බව මහජන…

  • රන් ආනයනයේදී පැනවූ බද්ද ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්රණන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.  1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන්…

  • රාජිත ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් 29 අධිකරණයේ පෙනී ඉන්නැයි සිතාසී

    රාජිත ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් 29 අධිකරණයේ පෙනී ඉන්නැයි සිතාසී

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කරනු ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්නට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධයෙනි. රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර…

  • සමගි ජනබලවේගයේ ඉදිරිපෙළ අසුන් කාටද?

    සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.  නව පාර්ලිමේන්තුවේ අසුන් පැනවූ අවස්ථාවේදී එම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට ඉදිරිපෙළ අසුන් හිමිව තිබුණා. එලෙස ආසන පැනවීමෙන් පසු සමගි ජනබලවේගය ඉල්ලීමක් කළේ,…

  • ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

    නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා. ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. සිය…

  • අම්පාර ආසන්න මුහුදේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනියි

    අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ  මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්”  නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව…

  • 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිවූ බව වාර්තා වේ. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට…

  • මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

    මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. මෙම කම්පනය මහකනදරාවේ පිහිටි භූකම්පන මාපකයේද සටහන්ව ඇති බවත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර…

  • අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂයේ වැඩසටහන ඇරඹේ

    දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින්. මේ යටතේ දිළිඳු පවුල්වලින් තෝරාගත් පුද්ගලයින් ලක්ෂයකට මෙහිදී රැකියා ලබාදීමට නියමිතයි. මේ සඳහා රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ සුදුසුකම් රැසක් පරීක්ෂා…