Author: admin

  • කොළඹ රථ වාහන මංතීරු නීතියත් සමග ගුවන් හමුදාව ඩ්‍රෝන මෙහෙයුමක් අරඹයි

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ ඇතිවන රථවාහන තදබදය අවම කිරිම සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය බලාත්මක කිරිමට ශ්‍රී ලංකා පොලිසිය ඊයේ දිනයේ සිට කටයුතු යොදා තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වාහන තදබදය අවම කිරිම සඳහා යළි බලාත්මක කෙරෙනු මෙම මංතීරු නිතිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොලිසියේ සහය සඳහා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්…

  • යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වඩා අරන්!

    පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිවුනා. ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේය. එවකට අගමැති රනිල් විසින් ඇති කළ…

  • ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

    ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අද අවසර ලබා දී තිබෙනවා. ඒ, මීට අදාළ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ…

  • ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

    ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයේ දක්නට ඇති තෙල් පැල්ලම තවදුරටත් පවතින බව නිරීක්‍ෂණය කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර පළමු වරට මෙම තෙල් පැල්ලම හදුනාගත් අතර එය විසිරවීම සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම ආරම්භ කෙරුණා. මෙලෙස තවදුරටත් පවතින්නේ දෙවන වරට හදුනා ගත් තෙල් පැල්ලමයි. නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල මේ…

  • මධූෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමග කොටු

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන, මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන නුවන් රණවක හෙවත් ”වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැලිගම, දෙනිපිටිය ප‍්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03කට ආසන්න ප‍්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිස් ස්ථානයට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය…

  • මහජන දිනය සඳුදා වෙයි

    ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා. වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි අමාත්‍ය උදය…

  • පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

    බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන විමර්ෂණය කිරිමට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

  • පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

    පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ සාක්‍ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.  උන්වහන්සේ කොමිසම හමුවේ පෙනී සිිටියේද මුස්ලිම් සංවිධාන කිහිපයක් ඥානසාර හිමියන්ගෙන් හරස් ප‍්‍රශ්න විමසීමට අවශ්‍ය බවට කොමිසමට…

  • කොරෝනා මරණ ආදාහනය කිරීම අභියෝගයට ලක් කළ පෙත්සමට දින නියම කෙරේ

    කොරෝනා වෛරසය  ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ  සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශ්වයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර් මස 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දින ලබා දුන්නා. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති සෞඛ්‍ය…

  • ගිනි ගත් ඉන්ධන නෞකාවේ ඩීසල් කාන්දුව පිරික්සන්න කිමිදුම්කරුවන් යොදවයි

    ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කර සිටිනවා.  මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නෞකාවට වී ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම…