Author: admin

  • මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේදී පවුලකට දිවි අහිමි කළ පස් මහල් ගොඩනැගිල්ල නිතීවිරෝධී බව හෙළි වී ඇත.

    මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවයි. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ…

  • ගොඩනැගිල්ල ගිලාබැසිමෙන් සුන්බුන් අතර සිරවී සිටි බිලිඳා මියයයි

    මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.  අද අලුයම සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් නිවසක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ගිලා බසින ලද ගොඩනැගිල්ලේ සුන්බුන් වලට සිරවූ අතර මෙම කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින්…

  • රනිල්, මංගල, අනුර සහ සුමන්තිරන් දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට

    හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අද දිනයේද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. හිටපු අග‍්‍රාමාත්‍යරවයාට අමතරව යහපාලන ආණ්ඩුව සමයේ පැවති දුෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික‍්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් ද එම කොමිසම හමුවේ පෙනී සිටි බවයි වාර්තාකරු පැවසුවේ.…

  • ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

    හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි. ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු…

  • කොටි හිතවාදීන් බ්ලැක් ලිස්ට් එකෙන් ගලවන්න මංගල හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියාට තර්ජනය කරලා – හිටපු ආරක්‍ෂක ලේකම් කොමිසමට කියයි

    ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබද එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ඉකුත් 2014 වසරේ අසාදු ලේඛනගත කර සිටි විදේශගත කොටි හිතවාදී ප‍්‍රබලයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා එවකට ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුරේ වැඩ ආවරණය කළ යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්නට තර්ජනය…

  • ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කැබිනට් මණ්ඩලය අද පස්වරු 4 රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි.  20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය අමාත්‍ය ජී එල් පීරීස් විසින්…

  • පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා කිය

    පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.  පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත‍්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම්…

  • මත්ද්‍රව්‍ය කල්ලි නායකයින්ගේ දෙවැනි පෙළත් එකින් එක අල්ලයි

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ නොහොත් ‘‘සුමීර’’ නමැත්තා කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 200 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මෙම සුමීර නමැති සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘ආමි සම්පත්’’ නමැත්තාගේ සමීපතමයෙකු බවද පොලීසිය සඳහන් කළා.  මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින…

  • ඥාණසාර හිමිට එරෙහි නඩුවකින් විනිසුරු දිලීප් නවාස් ඉවත් වෙයි

    අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනි ලෙසට ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් අද (16) දැනුම් දුන්නා. ඒ අනුව එම නඩුව ඔක්තෝබර්  මස 20 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියෝග…

  • මෙරට භූගෝලිය පිහිටීම උපයෝගි කොටගෙන රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි – ජනපති

    මෙරට භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.  ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ගුදම් පහසුකම්, බහලූ‍ම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ…