Author: admin
-
අගමැති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද!
—
in Local Newsඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇති. අදාළ ගැටළුව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදීද, ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඉන්දීය ධීවරයින්…
-
පොල් සඳහා උපරිම සිල්ලර මිලක්!
—
in Local Newsවටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට…
-
ජනපති ගම සමඟ පිළිසඳර ඇරඹේ
—
in Local Newsජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ…
-
ගිනි ගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි!
—
in Local Newsශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. අදාළ වාර්තාව ඊයේ (24) පස්වරුවේ නීතිපතිවරයාට ද භාරදුන්නා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ…
-
ලංකාවට පැමිණි රුසියානු ජාතිකයෙකුට කොරෝනා!මාතර 100 කට අධික පිරිසකට අද PCR පරීක්ෂණ
—
in Local Newsමාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත. ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති…
-
සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට
—
in Local Newsආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
-
රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනපති එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුවේදී කියයි
—
in Local Newsරාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ශ‍්‍රී…
-
සුදු වෑන් සිද්ධියේ CD තැටි කොළඹ මහාධිකරණයට
—
in Local Newsහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 12 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (22) දින ලබා දුන්නා. ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක්…
-
කළු තූෂාරගේ සගයෙක් පොලීසියට කොටු
—
in Local Newsරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ”කළු තුෂාර” නමැත්තාගේ සමීපතමයෙකු ගොතටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 58 කට ආසන්න ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මේ අතර, හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග සැකකරුවන් 09 දෙනෙකු සපුගස්කන්ද ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සපුගස්කන්ද ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු…
-
විපක්ෂයේ විරෝධය මැද විස්ස පාර්ලිමේන්තුවට
—
in Local News20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අධිකරණ අමාත්‍ය, අලි සබ්රි විසින් එය ඉදිරිපත් කළා. විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වූවා. අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වෙයි.