Author: admin

  • බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 220කට කොරෝනා!

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා. මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • 400 කට අධික පිරිසක් නිරෝධායනයට,1600 කට PCR පරීක්ෂණ!

    නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අද සවස් වන විට නිකුත් වෙනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. මෙම කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඇයගේ ඇයගේ ආශ්‍රිතයින් 400 දෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර තවත් පිරිස් නිරෝධායනයට යොමු කිරිමට…

  • රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : ජනපති කියයි

    රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් අප රජය ඇතිකරගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතීන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණ…

  • ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

    ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙම දැනුම් දීම සිදු කොට තිබෙනවා

  • කොව්ඩ් රෝගීයා අසු උන හැටි!

    කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම හෙට සිට යලි දැඩිව සිදුකෙරේ. “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම සදහා අවශ්‍ය නියැදි ලබාගන්නා ලෙස.…

  • දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

    දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

    කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි  ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරු වි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන පවසනවා. මෙම අගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින්…

  • විස්ස ජනතාව පරදවාවී – තිස්සගෙන් අනාවැකියක්!

    20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා. මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මෙම අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මෙහිදී කරුණු දැක්වූවා.

  • පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි දේශීය නිෂ්පාදකයාගෙන් ගැනීමට ජනපති ගේ අවධානය

    ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්ව තිබෙනවා. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කර සිටින්නේ. අද (28) පෙරවරුවේ දංකොටුව,…

  • පොලිස් මෙහෙයුම් දැඩි වේ!

    පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේදී සජීවි පතරොම්, පිහි සහ කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී බෝර 12 පතරොම් 102 ක්, පාවිච්චි කරන ලද බෝර 12…

  • වටේ ප‍්‍රමාණයේ මිලට පොල් තිබේ දැයි සොයා බැලීමට බලධාරීන් කඬේ යයි!

    වටප‍්‍රමාණය අනුව පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙළදපොල නිරීක්‍ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස ඊයේ දිනයේදී දෙමටගොඩ සහ නාරාහේන්පිට පොදු වෙළද පොලේ සංචාරයක නිරතවෙමින් පොල් මිල ගණන් සොයා බැලීම් සිදුකළා. මාධ්‍යවාර්තාකරුවේකු හරහා සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පාලන මිලට පොල්…