Author: admin
-
14 වන කොරෝනා මරණය වාර්තා වෙයි.
—
in Local Newsමෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්. ඇය පසුගිය 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරු කොට ඒවා තිබු අතර එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන්…
-
අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ
—
in Local Newsගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා
-
බදියුදීන් මීගමුව බන්ධනාගාරයට
—
in Local Newsරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය නෙත් නිවුස් වෙත පැවසුවේ. බන්ධනාගාර ගත වන සියලූ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ…
-
අඩු ආදායම් ලාභී ලක්ෂයකට පත්වීම් ලිපි ලබාදීම ඇරඹේ
—
in Local Newsඅඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරා ගැනුණු ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු අදියර සඳහා තෝරා ගෙන ඇති පිරිස 34,818 ක්. පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත‍්‍ර 25 ක් යටතේ මාස 06 ක විධිමත් පුහුණුවක් හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජාතික ආධුනිකත්ව…
-
මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට
—
in Local Newsප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට…
-
අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් පෙත්සමක්
—
in Local Newsහිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සිය නීතිඥවරයෙකු මාරගයෙන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ අවතැන් වූ ජනතාවට ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලින් ඔවුන් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට…
-
ඊයේ දින පමණක් මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන අටදහස ඉක්මවයි
—
in Local Newsඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදුකර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 8,789 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. ඒ අනුව මේවනවිට මෙරට තුළ සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව තුන්ලක්ෂ 57, 698 ක්. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයෙන්…
-
කොළඹ නගර සභාවේ සේවකයෙකුට සහ කළුතර රෝහලේ හෙදියකට කොරෝනා
—
in Local Newsකොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ PCR වාර්තාවකින් තහවුරු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මෙම සේවකයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. මේ අතර කළුතර රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී…
-
හෙට අළුයම 5 සිට කටුනායකට ඇඳිරි නීතිය
—
in Local Newsහෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.
-
මැතිවරණ නීති කැඩූ රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපති උපදෙස් දෙයි
—
in Local Newsහිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා. 2019 වසරේ ජනාධිපතිවරණයේදී බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහන කිරීමේ චෝදනාවට මෙලෙස හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය සඳහන්…