Author: admin

  • වැසි තත්ත්වය තවදුරට ත්

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

  • ගෑස් මිලත් අද යළි වැඩිවන ලකුණු

    අද දිනයේ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, ගෑස් මිල සූත්‍රයට අනුවයි. වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ මෙම මිල සංශෝධනයේදී ගෑස් මිල වැඩිවනු ඇති බවයි. වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම ඊට හේතුව ලෙසටයි වාර්තා වන්නේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි බවයි. මීට පෙර…

  • ලංකාවට ආ ධනුෂ්ක මාධ්‍ය වෙත කී කතාව

    ඔස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයේදී ලිංගික අපයෝජන චෝදනාවට වරදකරු නොවන බවට තීන්දු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (ඔක්. 3) දින රාත්‍රී දිවයින වෙත පැමිණ තිබේ. ඔහු සමග සුදු ජාතික තරුණියක සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ ඇත. ඔවුන් ඊයේ රාත්‍රී 10.55ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූඑල්- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…

  • ජර්මන් මාධ්‍යවේදීයාට ජනපති රනිල්ගෙන් සැර උත්තරයක් 

    ශ්‍රී ලංකාව කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිය ජර්මානු සංචාරය අතරතුර එරට මාධ්‍ය ආයතනයක් වන ඩොයිෂෙ වෙල්ලෙ (DW) සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, පාස්කු ප්‍රකහාරය සම්බන්ධයෙන් චැනල් 4 නැගූ චෝදනා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ජනාධිපතිවරයා නොරිස්සුම්සහගත අයුරින් සහ දැඩි ස්වරයකින්, “ශ්‍රී…

  • ඩීසල් නෞකා තොග 4ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය: සිංගප්පූරු ආයතනයක් ඒ සඳහා

    ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි. ඒ සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව සඳහන්. ඒ අනුව ලංසු පහක් ඉදිරිපත් වී තිබුණා. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර…

  • ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

    ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි.  කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය. “අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල්…

  • පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයන හේතුව කාදිනල් හිමියන් කියයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්  පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, “සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි…

  • ප්ලාස්ටික් බිත්තර වෙළෙඳපොළේ?: අධිකාරියෙන් ප්‍රකාශයක්

    ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව මෙම ප්‍රචාරයත් සාවද්‍ය පුවතක් බැවින් ජනතාව බිත්තර පරිභෝජනයට බියක් ඇති කර නොගන්නා ලෙසයි එම අධිකාරිය සඳහන් කළේ. එබැවින් එවැනි සාවද්‍ය පුවත්වලට නොරැවටී සිටින ලෙසත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණීමට…

  • නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

    ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය. ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට…

  • හදවත් සසල කළ අකුණු පහර

    වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මෙක්සිකෝවේ මිචුආකැන් හි දීය. අනතුරෙන් එම පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.