Author: admin

  • මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට!

    මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ තුන්වන ශේ‍්‍රණියේ සිට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ඉගැන්වීම් සිදු කරන බවයි. බැංකු සමග ණය ගිවිසුම්වලට එළෙඹීමේදී ජනතාවට පහසුවෙන්ම ගිවිසුමේ අඩංගු කරුණු පැහැදිලි කළ හැකි ක‍්‍රමවේද සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක…

  • බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි!

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ. බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම…

  • කසල එක් රැස් කොට විදුලිය නිපදවීමේ වැඩ පිළිවෙලක් අරඹයි!

    පළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නොදිරන එහෙත් දහනය කළහැකි කසල යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම මහතා පවසයි. කොළඹ මහ නගර සභාව මගින් දෛනිකව ටොන් 450ක් පමණ එක්රැස් කර කරදියාන කසල අංගනයට රැගෙන එන කසල යොදාගෙන කොළඹ මහ නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය අරඹා…

  • ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි!

    පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, “මේ පුද්ගලයා 2021.01.13 වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී…

  • රහසක් වූ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සූත‍්‍රය ගැන අනාවරණයක්!

    ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව මත මෙම කඩඉම් ලකුණු තීරණය වන බවයි. බොහෝ ජනපි‍්‍රය පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් සඳහා එම පාසැලේ ඇති පන්තිවල…

  • නව පාසැල් වාරය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්!

    මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් දරුවන්ටයි. එම පාසැල් අද විවෘත නොවන්නේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතත්, සෙසු ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසැල් විවෘත කිරීමට අද කටයුතු…

  • පාර්ලිමේන්තු පොකුරක් ? මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා පරීක්ෂණයක්!

    කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි.පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ අනාවරණ වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා…

  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි!

    අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ” ශ්‍රී ලංකා ISIS සංවිධානය” නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා. මෙලෙස චෝදනා එල්ලවී තිබෙන…

  • ජනපතිගෙන් රේගුවට රතු එළියක්!

    මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ප‍්‍රතිසංවිධාන කි‍්‍රයාමාර්ග ගැනීමට අකමැත්තෙන් වුව ද ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් රේගු දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින් වෙත ලිපියක් යොමු…

  • කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ අඩුවක්!

    ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 101ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති ඵ්Cර්‍ පරීක්ෂණ සංඛ්‍යාව 13,860ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්…