Author: admin

  • ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!

    ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇයගේ සතිය නමින් දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර කාන්තා…

  • රාත්‍රී සමාජ ශාලාවකදී බීමත් වූ අයෙකු වැල්ලවත්තේදී සිව්දෙනෙකු යට කර යයි!

    කොළඹ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන 5.45ට පමණ අනතුරු සිදුව තිබු බවයි පොලිසිය පැවසුවේ. රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇති අදාළ පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙක් අනතුරට ලක්කර…

  • රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්!

    ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බවයි මාධ්‍යවාර්තාකරුවන් පැවසුවේ. අධික බෑවුම් සහ ගල්පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න…

  • මිල අධික එන්නතට රුසියානු සහනයක් ගැන ආණ්ඩුව බලාපොරොත්තුවෙන්!

    ස්පුට්නික් එන්නත මිලදී ගැනීමේදී රුසියානු රජය ශ්‍රී ලංකාවට යම් සහනදායී මිලකට එම එන්නත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට සාපේක්ෂව ස්පුට්නික් එන්නතේ මිල වැඩි බවයි මාධ්‍යවාර්තාකරු කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය…

  • රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට!

    ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍යවාර්තාකරු කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ දුරට ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයේ එම එන්නත් තොගය මෙරටට ලැබෙනු ඇති බවයි. එන්නත් ලක්ෂ 05 බැගින් වාර කිහිපයකදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරටට ගෙන්වීමට සැලසුම් කර…

  • කැලෑ කපන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළ ත්‍රිකුණාමලයේ හිමිනම මාධ්‍ය වාර්තාකරු වෙත කථා කරයි!

    වන විනාශයන් මෙම කාලවකවානුවේදී ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය නිලධාරීන්ට ද දෝෂාරෝපණයක් එල්ල කළා. ත්‍රිකුණාමලයේ හිමිනමක් ද එම ප්‍රදේශයේ සිදුවන වන විනාශයන්ට සම්බන්ධ බවටයි ආරක්ෂක ලේකම්වරයා එහිදී අනාවරණ කළේ ත්‍රිකුණාමලයේ මෙලෙස වන විනාශයන් සිදුකරන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා එල්ල කළ හිමිනම…

  • කොරෝනාට ගොදුරුව සිටි විජමු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.

    කොවිඩ් වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකුමෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා අද (14දා) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

  • මහින්දගෙන් විමල්ට උපදෙසක්!

    කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා. මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

  • කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්!

    කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බවයි. පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22…

  • සහල්, කිරිපිටි, සිනි ඇතුලු භාණ්ඩ 27ක මිල අද සිට පහළට!

    සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම භාණ්ඩ 27ම සතොස සහ සමුපකාර වෙත සම්පූර්ණයෙන්ම ලබා දීමට සතියක පමණ…